ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමට නියෝග කර තිබෙනවා.

අද(27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීම ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (26 නිකුත් කෙරුණා.

මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලය ප්‍රකාරව දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට මෙලෙස සන්නද්ධ හමුදා කැඳවීම සිදු කර තිබෙනවා.

Latest News

error: Content is protected !!