මහ මැතිවරණයට දිලිත්ගෙන් දැවැන්ත සන්ධානයක්..

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් දැවැන්ත සන්ධානයක් නිර්මාණය කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසනවා.

ඊයේ (26) මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී පැවැති හමුවකදී ඔහු මේ සඳහන් කළා.

මෙහිදී මව්බිම ජනතා පක්ෂය සමග එක්වූ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත් කෙරුණා.

එහිදි අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

“මහ මැතිවරණයේදී සියලුම දිස්ත්‍රික්කවලට ඡන්දය ඉල්ලනවා. ලංකාවේ වඩාත් බලපෑමක් කළ හැකි දේශපාලන සන්ධානය අපි මෙවර බිහි කරනවා. ජනතාව පිළිගන්නා බවට අපි විශ්වාස කරන.. දේශපාලනඥයින්ට අපි ආරාධනා කර තිබෙනවා.. අපිත් සමග සංවාදයකට එන්න කියා. සර්වජන බලය යටතේ තමයි අපි මහ මැතිවරණයට ඡන්දය ඉල්ලන්න සූදානම් වෙන්නේ. ඒ සඳහා නව සලකුණක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.”

Latest News

More like this

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය...

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...
error: Content is protected !!