ඉරානයේ න්‍යෂ්ඨික බලාගාරවලට පහර දිය යුතුයි..හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරානය එල්ල කළ මෑත කාලීන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දිය යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

සිකුරාදා උතුරු කැරොලිනාවේ පැවති ප්‍රචාරක උත්සවයකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබුණා.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඉලක්ක කර ගැනීමේ හැකියාව පිළිබඳව එක්සත් ජනපදයේ ජෝ බයිඩන්ගෙන් ස්ථාවරය පිළිබඳ සඳහන් කරමින් ඔහු මේ බව කියා සිටියා.

පළමුව න්‍යෂ්ටික බලයට පහර දී ඉතිරිය ගැන පසුව කරදර වීම බයිඩන්ගේ ස්ථාවරය විය යුතුව තිබෙන බව ට්‍රම්ප් පවසනවා.

ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලට සහාය නොදෙන බව බයිඩන් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

Latest News

error: Content is protected !!