මහා සමන් දේවාලයේ ඇත්දළ යුගල දෙකක් එර්දි වෙලා

රත්නපුර සබරගමුව මහ සමන් දේවාලය සතු එහි තැන්පත් කර තිබූ ඇත් දළ යුගල දෙකක් දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා භාරදීමට කටයුතු නොකිරීම පිළිබඳව බෞද්ධ කටයුතු රත්නපුර සහකාර කොමසාරිස් පී.ඩී නිහාල් මහතා රත්නපුර පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

මේ පිළිබඳ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී රත්නායක මහතාගෙන් දුරකථන මඟින් මාධ්‍ය කළ විමසීමක දී ඒ මහතා මේ බව තහවුරු කළ බවයි වාර්තා වන්නේ.

ඔහු පවසා ඇත්තේ ඉකුත් වසරේදී කළ භාණ්ඩ සමීක්ෂණ වාර්තා අනුව මෙම ඇද්දල යුගල් දෙක දේවාලයෙන් නොමැති බව තහවුරු වූ බවයි.

Latest News

error: Content is protected !!