මහින්දව බලා ගැනීම දරුවන් තිදෙනාගේ වැඩක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාගෙන් ඉල්ලීම් කරන තෙක් නොසිට නොසිට නිල නිවසින් පිටවීම වඩා හොඳ බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.

ජනාධිපති හිමිකම් පනතේ විධිවිධාන අනුව එසේ කළ යුතු බව අමාත්‍යවරයා කියා සිටියා.

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ සතිපතා පැවති මාධ්‍ය හමුවේදීය. එහිදී ඔහු කියා සිටියේ නිල නිවාස ලබා දිය නොහැකි හිටපු ජනාධිපතිවරුන්ට ඔවුන්ගේ වැටුපෙන් තුනෙන් එකක් හිමිවන බව පනතේ පැහැදිලිවම සඳහන් වන බවයි.

“හිටපු ජනාධිපතිවරයා මේ පනත ක්‍රියාත්මක කළ ආණ්ඩුවල ඉඳලා තියෙනවා. ඒකේ ප්‍රතිපාදන එතුමා තේරුම් ගත යුතුයි. ඒකේ පැහැදිලිවම කියනවා හිටපු ජනාධිපතිවරුන්ට ඔවුන්ගේ වැටුපෙන් තුනෙන් එකකට හිමිකම් තියෙනවා කියලා. ඔහුට මෙය වැටහෙන්නේ නම්, හොඳම දේ ඉවත් කරනතුරු බලා නොසිට ඉවත්ව යාමයි”

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දරුවන් තිදෙනෙක් සිටින බැවින් ඔවුන් මව්පියන්ගේ වගකීම් භාර ගැනීම සිදු කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

දේශපාලඥයින්ගේ වරප්‍රසාද අහෝසි කර දේශපාලකයින් ජනතාව මත පැටවෙන බර ලිහිල් කිරීමට ජනතාව රජයට වරමක් ලබාදී ඇති බැවින් මෙම නීතිය හිටපු සියලු ජනාධිපතිවරුන් ඇතුළු ඔවුන්ගේ වැන්දඹු බිරින්දෑවරුන්ට ද එක සේ අදාල වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!