දැඩි පොලිස් රැකවල් මැද රෝහලෙන් නිවසට ගිය සයිෆ්

සයිෆ් අලි ඛාන් දින පහකට පසු දෙසැම්බර් 21 සවස දැඩි ආරක්ෂක රැකවල් යටතේ මුම්බායි හි ලීලාවතී රෝහලෙන් පිටත්ව ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

ඔහුගේ හා කරීනාගේ බන්ද්‍රාහි නිවසට එසේ පිටත්ව ගිය අතර සයිෆ්, පොලිස් ආරක්ෂාව මැද ඇවිදගෙන යන ආකාරය පැපරාසි කැමරාවල සටහන් වුණා.

මෙම ප්‍රහාරයෙන් පසු සයිෆ්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසිල්ලෙන් හා කණස්සල්ලෙන් පසු වූ බොහෝ දෙනෙකුට එම දර්ශනයෙන් ලැබුණේ ඉමහත් අස්වැසිල්ලකි.

පිට ප්‍රදේශයට එල්ල වූ පිහි ඇණුම නිසා ශල්‍යකර්මයකට භාජනය වුවද සයිෆ් රෝද පුටුව මඟහැර හොඳින් ඇවිද ගියේ සියල්ලන් මවිතයට පත් කරමිනි.

ඔහු දින පහකට පෙර බන්ද්‍රා නිවසේදී අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකුගේ පිහි ප්‍රහාරයකට මුහුණ දුන්නා.

නැවත පැමිණීමට පෙර සයිෆ්ගේ නිවසේ ආරක්ෂාව තර කරමින් නව CCTV කැමරා පද්ධතියක් ද සවි කර තිබූ බවයි වාර්තා පවසන්නේ.

Latest News

error: Content is protected !!