බැක්ස්ට්‍රීට් බෝයිස්ලාගේ නික් කාටර් ශ්‍රී ලංකාවේ ප්‍රසංගය අතහැර ගෙදර ගිහින්

ජනප්‍රිය ඇමරිකානු ගායක නික් කාටර් අනපේක්ෂිත තත්ත්වයක් හේතුවෙන් ආසියානු කලාපයේ හා මැදපෙරදිග රටවල පැවැත්වීමට නියමිතව තිබූ ඔහුගේ ප්‍රසංග මාලාවක් අවලංගු කර ආපසු ඇමරිකා එක්සත් ජනපදය වෙත පැමිණි බව නිවේදනය කර තියෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව කොරියාව හා මැදපෙරදිග රටවල් කිහිපයක පැවැත්වීමට නියමිතව තිබූ ‘Who I Am’ ප්‍රසංග මාලාවේ ඉදිරි කාලසටහන අවලංගු කෙරුණා.

සුප්‍රසිද්ධ Backstreet Boys සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන නික් කාටර්, සංචාරය ඉදිරියට ගෙන යාමට නොහැකි වීම ගැන කනගාටුව පළ කරමින් සමාජ මාධ්‍යවල සෙල්ෆි වීඩියෝවක් ද බෙදා ගෙන තිබුණා.

මේ අනුව අප්‍රේල් 23 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබූ මුල් ප්‍රසංගය නිල වශයෙන් අවලංගු කර ඇති බව ශ්‍රී ලංකාවේ සංවිධායකයින් පවසනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රසංග සංවිධායකින් වැඩිදුරටත් පවසා ඇත්තේ සිදු වූ අපහසුතාව පිළිබඳ දැඩි ලෙස කණගාටුව පළ කරන අතර මුදල් ආපසු ඉක්මණින් ගෙවීමට කටයුතු කරන බවයි.

කලාපය පුරා සිටින රසිකයින්ට මෙය සැලකිය යුතු කලකිරීමක් වුවද, ආසියාවේ සංවිධායකයින්, හවුල්කරුවන් සහ ප්‍රවර්ධකයින් සාකච්ඡා නැවත කාලසටහන්ගත කිරීම සහ කඩිනම් මුදල් ආපසු ගෙවීමේ ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

තලපති විජේගේ 51 වැනි උපන් දිනය දා තෑග්ග

ජෝසෆ් විජේ චන්ද්‍රසේකර් නොහොත් දෙමළ සිනමාවේ තලපති විජේගේ 51වැනි...

Sugaගේ පැමිණීමෙන් යළි එක් වූ BTS…

ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ K-pop කණ්ඩායමක් වන BTS හි සන්ධිස්ථානයක්...

තරුණියන් අතර උන්මාදයක් වූ නික් කාටර්ගේ රූපය ඇදහිය නොහැකි ලෙස වෙනස් වෙලා

Back Street Boys ප්‍රධාන ගායක නික් කාටර් හෙවත් නිකොලස්...

මෝහාන්ලාල්ගේ ‘තුඩරුම්’ කොෆියක් බවට චෝදනා

මොහාන්ලාල් සහ ශෝභනා රංගනයෙන් දායක වූ අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක්...
error: Content is protected !!