දැන් ආණ්ඩුවට විරෝධතා වහ වෙලාද? වසන්ත මුදලිගේ අහයි

අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27 දෙනෙකු මරදාන පොලීසිය විසින් අද (28) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ඔස්සේ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත සමසෞඛ්‍ය උපාධිධාරීන්ට සහ විශ්වවිද්‍යාල සිසුන් පළවා හැරීමට පොලිසිය සිදු කළ පහරදීමේදී පස් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් කර තියෙනවා.

පොලිසිය විසින් අදාළ පහරදීම අද (28) අලුයම 02.00ත් 02.30ත් අතර කාලයක සිදුකර ඇති බව ඔහුගේ එම පණිවිඩයේ සඳහන්ය.

එහිදී අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු ඇතුළු සිසුන් 27 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එහි දැක්වෙනවා.

සමසෞඛ්‍ය උපාධිධාරින් සහ සිසුන් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් පෙර පැවැති ආණ්ඩු සමඟ මෙන්ම වත්මන් ආණ්ඩුව සමඟ ද සාකච්ඡා සිදු කර තිබුණා. ඊට විසඳුම් ලබා නොදී ආණ්ඩු විසින් කල්මැරීම හේතුවෙන් මෙම සත්‍යග්‍රහය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට එළිමහන් භූමියේ ආරම්භ කළ බවයි, වසන්ත මුදලිගේ මහතා පෙන්වා දෙන්නේ.

අදාළ සිදුවීමෙන් ලංකාව තුළ විරෝධතා දැක්වීය නොහැකි ද යන ගැටලුව මතු වන බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ප්‍රශ්න කරනවා.

ජාතික ජනබලවේග ආණ්ඩුව තුළ පවා කෙනෙකුට විරෝධතා දැක්වීමේ අයිතිය තිබිය යුතුයි. ඔවුන්ට විරෝධතා දැක්වීම සම්බන්ධයෙන් කියා දීමට අවශ්‍ය නොමැති බවත් වත්මන් පාලකයින් බොහෝ අවස්ථාවලදී විරෝධතා කර ඇති බවත් වසන්ත මුදලිගේ මහතා ඔහුගේ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තියෙනවා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...