මියන්මාරය හා තායිලන්තය සසල කළ රික්ටර් මාපකයේ 7.7ක භූමිකම්පාව

මධ්‍යම මියන්මාරයේ අද (28) රික්ටර් මාපකයේ 7.7 ක භූමිකම්පාවක් වාර්තා වු අතර එමඟින් අසල්වැසි තායිලන්තයේ බැංකොක් වැනි දුර බැහැර නගරවලට පවා දැඩි බලපෑමක් එල්ල වුණා.

මියන්මාරයේ අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගිය අතර තායිලන්තයේ තිදෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

භූමිකම්පාව මිලියනයකට අධික ජනතාවක් සිටින මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ අසල එරට වේලාවෙන් පස්වරු 12:50 ට පමණ සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරනවා. මිනිත්තු 12 කට පසුව රික්ටර් මාපකයේ 6.4 ක පසු කම්පනයක් ද වාර්තා වුණා.

රික්ටර් මාපකයේ 7.7 ක් ප්‍රබල භූ කම්පාවක් ලෙසයි සැලකෙන්නේ. මැන්ඩලේහි ඇති වූ කම්පනයෙන් පසු ගොඩනැගිලි වලට හානි සිදු වූ අතර තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රධාන රෝහල්වලට ඇතුළත් කෙරුණා. රෝහලේවල සිටි රෝගීන් සිය ගණනක් ආරක්ෂිත ස්ථානවලට රැගෙන ගිය බව ද සඳහන්ය. භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් 200 දෙනෙකුකට අධික පිරිසක් තුවාල ලැබු බව වැඩි දුරටත් වාර්තා වෙනවා.

මියන්මාරය පුරා පාලම් සහ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටීමට ලක් වූ අතර රටේ අගනුවර වන නේපිඩාව් ද ඊට ඇතුළත් බව මියන්මාරයේ මාධ්‍ය වාර්තා කරනු ලැබුවා. භූමිකම්පාව මියන්මාරයේ එහි කේන්ද්‍රයේ සිට සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි ගොඩනැගිලි සෙලවීමත් සමඟ බැංකොක්හි හෝටල් සහ නේවාසික කුළුණු වල ඉහළ මාලවල ඇති තටාකවල ජලය පිටතට කඩා වැටෙන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගන්නා වීඩියෝ පටවල දැකගත හැකියි.

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!