රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනප්‍රියම අංශයෙන් දුෂේනි, උද්ධික, පාට කුරුල්ලෝ පෙරමුණේ

2025 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ප්‍රේක්ෂක මත විමසුමෙන් වැඩිම මනාප ලබාගෙන මේ වන විට (2025.03.28) ජනප්‍රියම නිළිය අංශයේ ඉදිරියෙන්ම සිටින්නේ දුෂේනි මියුරංගිය. ජනප්‍රියම නිළිය දෙවැනි ස්ථානයේ දිනක්ෂි ප්‍රියසාද් හා තෙවැනි ස්ථානයේ මිෂෙල් දිල්හාරා පසුවේ.

මෙවර රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා අංශයෙන් ඉදිරියෙන්ම උද්දික ප්‍රේමරත්නත් පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථානයන්හි සාරංග දිසාසේකර, රවීන් කණිෂ්ක පෙරමුණේ සිටියි.

ප්‍රේක්ෂක මනාප වැඩිම ප්‍රමාණයක් ලබා ගනිමින් ජනප්‍රියම ටෙලි නාට්‍ය ලෙස මේ වන විට අංක එක බවට පත්ව තිබෙන්නේ හිරු නාළිකාවෙන් විකාශය වන පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයයි. දෙවැනි ස්ථානය හිරු නාළිකාවේ විකාශය වන රොන් සොයා ටෙලි නාට්‍යයටත්, තෙවැනි ස්ථානය ස්වර්ණවාහිනියේ විකාශය වන පිරිමි ළමයි ටෙලි නාට්‍යයටත් හිමිවී තිබේ.

2025 රයිගම් ටෙලීස් සම්මාන උළෙල අද ( මාර්තු 29) සවස 5.30 සිට ෂැංග්‍රීලා හෝටලයේ පැවැත්වීමට නියමිතය.

Latest News

More like this

පුෂ්පිකාගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 19

මීට වසර තුනකට පෙරදී (2021) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ...

වසරක් තුළ වූ දෙවැනි විවාහය ගැන සුපිරි ක්‍රිකට් තරු රෂීඩ් හෙළිකරයි

ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන ඇෆ්ගනිස්ථාන දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ්...

මෙක්සිකෝ රූ රැජිනට තායිලන්තයේදී කැතවැඩක් !

විශ්ව රූ රැජින තරගාවලියට පෙර පැවැත්වෙන උත්සවයකදී සත්කාරක තායිලන්තයේ...

තලපති විජේගේ 51 වැනි උපන් දිනය දා තෑග්ග

ජෝසෆ් විජේ චන්ද්‍රසේකර් නොහොත් දෙමළ සිනමාවේ තලපති විජේගේ 51වැනි...