මියන්මාරයේ භූමිකම්පාවෙන් මිහින්දන් වූ ප්‍රමාණය 10,000 කට අධික විය හැකි බවට අනතුරු ඇඟවීමක්

මධ්‍යම මියන්මාරයට ඊයේ (මාර්තු 28) බලපෑ රික්ටර් මාපකයේ 7.7 ක භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවිය හැකි බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

භූමිකම්පාවෙන් ඇස්තමේන්තුගත මරණ සඳහා රතු අනතුරු ඇඟවීමක් නිවේදනය කරමින් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ එය “ඉහළ ජීවිත හානි සහ පුළුල් හානියක්” පෙන්නුම් කරන බවයි.

එරට හමුදා රජය මේ වන විට වාර්තා කර ඇති අවම මරණ සංඛ්‍යාව 150කි. නමුත් සුන්බුන් අතර සිර වූ මළ සිරුරු තවමත් සොයාගනිමින් සිටින බැවින් මරණ සංක්‍යාව අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් ඉහළ යා හැකි බවට ඔවුන් අනතුරු අඟවා තියෙනවා.

මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් ප.ව. 12.50ට පමණ ඇති වූ මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයයක් සටහන් කර තිබුණා.

කෙසේ නමුත් එම භූමිකම්පාවෙන් මිනිත්තු කිහිපයකට පසු රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් යුත් පසු කම්පන තත්ත්වයක් ද ඇති වුණා.

මෙම භූමිකාම්පාවල ප්‍රබලත්වය අසල්වැසි තායිලන්තය බැංකොක් නුවරට ද ද දැඩි බලපෑමක් එල්ල කරනු ලැබුවා.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වන විට තහවුරුකර ඇති ආකාරයට භූමිකම්පාවෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවකු අනතුරට ලක් වී නැහැ.

මියන්මාරය තුළ ශ්‍රී ලාංකිකයින් 200 දෙනෙක් පමණ රැඳී සිටින අතර බැංකොක් නුවර තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැඳී සිටිනු ඇති බව එම අමාත්‍යංශය සඳහන් කර තියෙනවා.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...