අලුත් අවුරුද්දට කලින් මෝදි ලංකාවට…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.

මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඔහුගේ සංචාරයේ කොටසක් ලෙස අග්‍රාමාත්‍ය මෝදි මහතා අනුරාධපුරයට ගොස් පූජනීය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට නියමිත අතර ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කර ඇති ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කිහිපයක් විවෘත කරනු ඇති.

මීට අමතරව මෙම සංචාරයේදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මෝදි මහතා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, ජාතික ආරක්ෂක උපදේශක, විදේශ ලේකම් සහ ඉන්දීය රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වනු ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

බංගලාදේශ හිටපු අගමැතිනිය එල්ලුම් ගහට

බංග්ලාදේශයේ බලයෙන් පහ කරන ලද හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට...

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...