මධුරි ඩික්සිත් බොලිවුඩ් සිනමාවට පිවිසුණේ 1984 වසරේදී අබෝද් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමිනි.
මධුරිගේ මුල්කාලීන චිත්‍රපට කිහිපයක්ම වාණිජමය වශයෙන් අසාර්ථක වුණා. ඇය අතිශය ජනප්‍රියත්වයට පත් වුණේ තේසාබ් (1988) නම් ක්‍රියාදාම චිත්‍රපටය නිකුත් වීමත් සමඟය.
‘ඒක් දෝ තීන්’ ගීතය අතිශය ජනප්‍රිය වූ අතර තේසාබ් නිකුත් කරද්දී, මධුරි ඇමරිකා එක්සත් ජනපදයේ නිවාඩුවක් ගත කරමින් සිටි බව පැවසෙනවා.
ඇය මුම්බායි වෙත ආපසු පැමිණි විට විශාල පිරිසක් ඇය එනතුරු ගුවන් තොටුපළේ බලා සිටි අතර චිත්‍රපටයේ ඇගේ චරිතයේ නම වන ‘මෝහිනී, මෝහිනී’ යයි කියමින් කෑගසන තරමට ඇය ජනප්‍රිය වී සිටි බව සඳහන්ය. එය ඇය තරුවක් ලෙස අභිෂේක ලැබූ මොහොත ලෙසයි සැලකෙන්නේ.
ඉන්පසු ඇය එකල ඉහළම ආදායම් ලැබූ රොමෑන්තික් චිත්‍රපට කිහිපයකම ප්‍රධාන චරිත නිරූපණය කිරීමට තරම් වාසනාවන්ත වුණා.
ඒ අතරට දිල් (1990), සාජන් (1991), බේටා (1992), ඛල්නායක් (1993), හම් අප්කේ හේන් කෝන්..! (1994), සහ දිල් තෝ පාගල් හේ (1997) වැනි චිත්‍රපට ඇතුළත්ය. ඇය හොඳම නිළිය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මාන හතරක් දිනා ගැනීමට සමත් වුණා.
මධුරි ඩික්සිත්ගේ සාර්ථකත්වය පිටුපස සිටින මිනිසා
මධුරිගේ සාර්ථකත්වයේ සැලකිය යුතු කොටසක් ඇගේ දිගුකාලීන කළමනාකරු රික්කු රාකේෂ් නාත්ට හිමි විය යුතුය. දශක තුනකට ආසන්න කාලයක් ඇගේ වෘත්තීය ජීවිතය පිටුපස ගාමක බලවේගය ලෙස හැඳින්වෙන්නේ ඔහුය.
අබෝද් චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ දා සිට වසර 28 ක් ඇයව කළමනාකරණය කළේ රික්කු බවයි පැවසෙන්නේ.
ඔහු ඇගේ ප්‍රසිද්ධිය, ගිණුම්, ගුවන්තොටුපළ ප්‍රවාහන, දිනයන්, හමුවීම්, ඇඳුම් පැළඳුම් සහ මේකප් පවා යන සියල්ල හසුරුවනු ලැබුවා.
ඔහු බොලිවුඩයේ අංක එකේ කළමනාකරුවෙකු ලෙසයි සැලකෙන්නේ.
කෙසේ වෙතත්, 2012 දී, ඒ වන විට ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටි මධුරි, ඇගේ සැමියා වන වෛද්‍ය ශ්‍රීරාම් නේන්ගේ ඉල්ලීම පරිදි කළමනාකරණ සමාගමකක් වෙත ඇගේ කළමනාකාරීත්වය පැවරීමෙන් පසු ඔහු ඇයගෙන් වෙන් වූ බව සඳහන්ය.
වාර්තා වන පරිදි, වෙන්වීමට හේතුව රික්කු මධුරිගේ පෞද්ගලික ජීවිතයට අනවශ්‍ය ආකාරයෙන් ඇඟිලි ගැසීම බවද සඳහන් වෙනවා.
නමුත් මේ කාරණය සම්බන්ධයෙන් මධුරි සෑම මොහොතකම පවත්වාගත්තේ ගෞරවනීය නිහඬතාවයක්. පසුව ඩොක්ටර් නේනේ මධුරිගේ ව්‍යාපෘති සහ ගාස්තු සාකච්ඡා පෞද්ගලිකව අධීක්ෂණය කළ බව පැවසෙනවා.
චිත්‍රපට පවුලකින් පැමිණි රික්කු රාකේෂ් නාත්, යාරානා, දිල් තෙරා ආෂික් සහ මොහබ්බත් වැනි චිත්‍රපටවල නිෂ්පාදකයාද වෙනවා. ඔහුගේ පුත් කරන් නාත් සහ දියණිය දක්ෂිණා ද පසු කාලීනව සිනමාවට එක් වුණා. ඊට අමතරව, ඔහු නිළි නම්රතා ශිරෝද්කර් ද කළමනාකරණය කළ බව සඳහන්ය.