මීයෙක් හා මකුණෙක් නිසා ජපානයේ අවන්හල් 2000ක් වැසේ

ජනප‍්‍රිය ජපන් අවන්හල් ජාලයක් තම ආහාරවල මීයෙකු සහ මකුණෙකු හමුවීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා එහි වෙළඳසැල් 2,000 කට අධික ප‍්‍රමාණයක් වසා දමා තිබෙනවා.

රටේ විශාලතම හරක් මස් ආහාර සපයන අවන්හල් දාමය වන ‘සුකියා’ ටෝකියෝ අලෙවිසැලක ආහාර තුළ මෙම සතුන් වාර්තා වී තිබුණා.

ජනවාරි අග දී බටහිර ජපානයේ ටොටෝරි හි අලෙවිසැලකින් මිසෝ සුප් බඳුනක ද මෙවැනිම මීයෙකු හමුවීමේ සිදුවීමක් වාර්තා වුණා.

සුකියා අවන්හල් දාමය සිදු වූ අපහසුතාව පිළිබඳ බලවත් කණගාටුව ප‍්‍රකාශ කරමින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ සමාව අයැද සිටියා.

එම සත්ව උවදුර විසඳීම හා පිරිසිදු කිරීම් සඳහා අවන්හල් ජාලයේ සියලූ‍ම ශාඛා මාර්තු 31 වැනිදා සිට අපේ‍්‍රල් 4 දක්වා වසා දැමීමට තීරණය කර ඇති බවයි ඔවුන් සඳහන් කර තිබුණේ.

සිකුරාදා ටෝකියෝවේ සිදු වූ සිදුවීමෙන් පසු බලපෑමට ලක් වූ පාරිභෝගිකයාට මුදල් ආපසු ලබා දුන් බවද අවන්හල පවසා තියෙනවා.

Latest News

More like this

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...
error: Content is protected !!