මැතිවරණ විකාශය වෙනුවෙන් අය කරන ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේ විකාශන කටයුතුවලින් ඉවත්වීම කෙරෙහි ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ අවධානය යොමු කර තියෙනවා.
මැතිවරණ කොමිසම මගින්, පසු ගිය අවුරුදු වල පැවැත්වූ ප්‍රධාන මැතිවරණ විකාශ කටයුතු සඳහා අය කල ගාස්තුවලට සාපේක්ෂව මෙවර පළාත් පාලන මැතිවරණ විකාශන කටයුතු සඳහා සියයට 1300% කින් පමණ ගාස්තු ඉහළ දැමීමක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ සභාපති, අසංග ජයසූරිය සහ ලේකම්, ලක්සිරි වික්‍රමගේ අත්සනින් යුතුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙත ලිඛිත දැනුම්දී ඇත්තේ, මේ පිළිබඳ සලකා බලා පසුගිය වසර වල ප්‍රතිඵල විකාශය සඳහා අය කරනු ලැබූ මුදල් එසේම අය කිරීමට කටයුතු කරන ලෙසයි.
මැතිවරණ ප්‍රතිඵල විකාශයක් යනු මහජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමක් වන අතර, මේ මුදල් අය කිරීම මගින් එසේ ප්‍රතිපල විකාශයෙන් නාලිකා ඉවන් වුවහොත්, එය ජනනාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට ද බලවත් පහරක් වනු ඇතැයි ද එම ලිපියේ සඳහන් වෙනවා.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙත යොමුකර ඇති ලිපියේ මෙසේ ය.
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල විකාශය සඳහා අය කරන ගාස්තු සම්බන්ධයෙන්
2025/03/31
සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව, නො 02, සරණ මාවත, රාජගිරිය.
ගරු සභාපතිතුමනි,
මැතිවරණ කොමිසම මගින්, ගිය අවුරුදු වල පැවැත්වූ ප්‍රධාන මැතිවරණ විකාශ කටයුතු සඳහා අය කල ගාස්තු, මෙවර පළාත් පාලන මැතිවරණ විකාශන කටයුතු සඳහා සියයට 1300% කින් පමණ වැඩි කර ඇති බව දැන ගැනීමට ලැබී ඇත.
රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා, මේ මැතිවරණ විකාශ පවත්වා ගෙන යන්නේ මහජනතාව වෙත තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම මන බවත්, එය හුදෙක් මුදල් ගෙවා විකාශ කටයුතු වල අයිතිය රැගෙන, එයින් ලාභයක් ලැබීමේ අරමුණින් නොවෙන බව අවධාරණය කරනු කැමැත්තෙමු.
මැතිවරණ දින උදෑසන සිට සියලුම මාධ්‍ය නාලිකා මැතිවරණය නිදහස්ව සහ සාධාරණව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තොරතුරු ජනතාව දැනුවත් කරමින් විශාල පිරිවැයක් වැය කොට සජීව විකාශ පවත්වාගෙන යන අතර එය ප්‍රතිඵල විකාශය දක්වා අඛණ්ඩව දීර්ඝ කිරීමට ද විශාල පිරිවැයක් දැරීමට සිදුවේ.
සාමාන්‍යයෙන් මුදල් ගෙවා වැඩසටහන් ලබා ගැනීමේ මූලධර්මය වන්නේ එය වාණිජ වටිනාකමින් යුතු වීමත්, නිශ්චිත නාලිකාවකට පමණක් එම වැඩ සටහන් ලබා දිමයි. ජාතික වැදගත්කමකින් යුත් වැඩසටහන් ප්‍රචාරය කිරීමේදී ඒ සඳහා වාණිජ මට්ටමින් මුදල් අය කිරීම ජාත්‍යන්තරව හෝ ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වී නොමැත.
රටේ පවතින ආර්ථික තත්වය සහ වෙළදපල දැන්වීම් ආයතන විද්‍යුත් නාලිකා සඳහා ලබාදෙන දැන්වීම් ප්‍රමාණය සලකා බලන විට, එක් නාලිකාවකට රුපියල් මිලියන 8ක් වැනි අති විශාල මුදලකට මෙම විකාශන අයිතිය ලබා ගැනීමට කිසිදු නාලිකාවකට හැකියාවක් ඇතැයි විශ්වාස නොකරමු. නාලිකා කිහිපයක් තිබුණහොත් රුපියල් මිලියන 15 ක් පමණ ගෙවීමට සිදු වේ. එසේ හෙයින්, බොහෝ නාලිකාවන් මේ විකාශ අයිතිය ලබා ගැනීමෙන් බැහැර වෙනු ඇත.
මැතිවරණ ප්‍රතිඵල විකාශයක් යනු මහජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමක් වන අතර, මේ මුදල් අය කිරීම මගින් එසේ ප්‍රතිපල විකාශයෙන් නාලිකා ඉවන් වුවහොත්, එය ජනනාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට ද බලවත් පහරක් වනු ඇත.
මේ පිළිබඳ සලකා බලා පසුගිය වසර වල ප්‍රතිඵල විකාශය සඳහා අය කරනු ලැබූ මුදල් එසේම අය කිරීමට කටයුතු කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තූතියි!
අසංග ජයසූරිය – සභාපති
ලක්සිරි වික්‍රමගේ – ලේකම්