සන්නද්ධ කල්ලියක් හයිටි බන්ධනාගාරයක රැඳැවියන් 500ක් නිදහස් කරයි

ආයුධ සන්නද්ධ කණ්ඩායමක් මධ්‍යම හයිටි රාජ්‍යයේ මිරෙබලයිස් නුවර වන්දනාගාරයකින් සිරකරුවන් පන්සීයක් නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මිරෙබලයිස් නුවරට කඩා වැදුණු අවිගත් විශාල පිරිසක් ගොඩනැගිලි සහ මෝටර් රථවලට වෙඩි තබමින් බන්ධනාගාරය වෙත ගිය බවත් පොලිස් ස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් සඳහන් වෙනවා.

මිරෙබලයිස් නුවර විශාල ප්‍රදේශයක් අත්පත් කරගෙන සිටින බව කියන එම ආයුධ සන්නද්ධ කණ්ඩායම බන්ධනාගාරයෙන් නිදහස් කරගෙන ඇත්තේ ඔවුන්ගේ සාමාජිකයන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

හයිටි රාජ්‍යයේ පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කර ඇති ආකාරයට මේ වන විට නගරය ආරක්ෂාවට අතිරේක පොලිස්‌ කණ්ඩායම් යොදවා ඇති බව සඳහන්ය.

බන්ධනාගාරයෙන් පලා ගිය සිරකරුවන් සොයා මෙහෙයුමක්ද ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංකල්ලේඛනවලට අනුව හයිටි රාජ්‍යයේ සන්නද්ධ කල්ලිවල ක්‍රියාකාරකම් ඉහළ අගයක් පෙන්නුම් කරන අතර පසුගිය වසරේදී අවිගත් පුද්ගලයින් අතර සිදුවූ ගැටුම් වලින් පුද්ගලයින් 5600ක් ඝාතනය වී ඇති බව වාර්තා වෙනවා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!