සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අධික මානය හා උද්ධච්චකම හේතුවෙන් වසර අටකට පසුව පැවති පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහ නගර සභාවේ බලය අත්පත් කර ගැනීමට විපක්ෂයට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් සුපුරුදු ලෙස ගිලිහී යමින් පවතින බව වාර්තා වෙනවා.
මේ අනුව කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් වෙත හිමි වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ අනෙකුත් පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට අසමත් වීම මෙම තත්වයට ප්‍රධානම හේතුව ලෙස පෙන්වා දිය හැකිය.
විපක්ෂයේ අනෙකුත් සියලු දේශපාලන නායකයින් අභිබවා තමා පමණක් එකම පරිපූර්ණ නායකයා යැයි විශ්වාස කරන සජිත් අනෙකුත් නායකයින් සමඟ ඒකාබද්ධ වීමට කිසිසේත් කටයුතු නොකිරීම තුළ මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් සිය පක්ෂයෙ මන්ත්‍රීවරු නම් කිරීමට කටයුටු නොකිරීම ද විපක්ෂයේ එක් වීම පිළිබඳ බලාපොරොත්තු සුන් කර තිබෙනවා.
එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එකම නායකයා තමා පමණක්ය යන සජිත්ගේ අදූරදර්ශී ප්‍රතිපත්ති සමඟ රනිල් වික්‍රමසිංහ, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ හෝ අනෙකුත් ස්වාධීන පක්ෂවල නායකයින් කිසිසේත් එකඟ නොවන බවයි පැවසෙන්නේ.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ඡන්ද 81,814ක් ලබා ගනිමින් සභිකයින් 48 දෙනෙකු දිනාගත් අතර සමගි ජන බලවේගය ඡන්ද 53,875 ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 29ක් හිමි කර ගනු ලැබුවා.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 26,297ක් ලබා ගනිමින් සහිකයින් 13 දෙනෙකු හිමි කර ගෙන තියෙනවා. ඊට අමතරව පොදු ජන පෙරමුණට සහිකයින් 5 දෙනෙකු හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සභිකයින් 4 දෙනෙකු ඇතුළුව විපක්ෂයේ අනෙකුත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දිනා ගනු ලැබූ මුළු ආසන ප්‍රමාණය 69කි.