1947 අප්‍රියෙල් 30 කැලණියේදී උපත ලැබූ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාගේ නම ඉදිරියේ ලියැවුණු සදාතනික කිරුළ “හෙළ සිනමාවේ නිළි රැජිණ” යන්නයි.
දශක හතකට අධික එදා මෙදා කාල වකවානුව තුළ එයට සමකළ හැකි හෝ අභියෝග කළ හැකි කිසිවකු බිහි වූයේ නැත.
තවත් දශක ගණනාවකට බිහි වන එකක් ද නැත.
රිදී තිරයේ සදාකාලික පෙම්ව්තිය ඇයයි. සිනමා තිරයේ ඒ තරම් සුන්දර රූපයක් අප දැක නැති තරම් ය. එය කලු සුදු තිරයට පවා එක් කළ ප්‍රභාව සුළු පටු නැත.
දුලබ රූප සම්පත්තියෙන් ඔබ්බට ඇය රංගනය අභ්‍යාස කරමින් මේ කුඩා දූපතෙන් ඔබ්බට දකුණු ආසියාවේම විශිෂ්ටතම රංගවේදියන් අතරට පැමිණීමට තරම් ඇය ධෛර්යසම්පන්න විය.
ඇය මේ කුඩා දුපතට වඩා විශාලය. ඇය සිනමාවටත් වඩා විශාලය.
මෑතකදි හදිසි රෝගාතුරවීමකින් පසු ඇය වෙනුවෙන් හදිසියේ සංවිධානය කරන ලද උපහාර උළෙලට පැමිණි ඇය ඇගේ පරම්පරාවේ සහ වර්තමාන පරම්පරාව ඇය වෙනුවෙන් පුදදෙනු ලැබූ ගෞරවය දෙස වෙව්ලමින් මද සිනහවකින් යුතුව විටෙක හඬමින් බලා සිටියාය.
එයදුටු අපට හැඟුණේ නටමින්, ගී ගයමින් නැතිනම් මුහුණෙන් ගැඹුරු ප්‍රකාශනයන් කරමින් රිදීතිරයේ මුකුත්ම නොකරමින් හෝ පැත්තකින් වාඩිවී ඔබ එහෙම බලාගෙන සිටියත් ඇති කියාය.
සදාදරණීය මාලනියනි, හැමදාම ඒ මද සිනහවෙන් අප දෙස බලා සිටින්න.
ලක්වාහිනී