ශ්‍රී ලංකා පොලිස්… සුබ පැතුම දුටුවාද?

  1. රට වෙනුවෙන්…
  2. ඇය අපේ කීර්තිමත් නිලධාරියකගේ දියණියක්

මේ Sri Lanka Police නිල ෆේස්බුක් ගිණුම, මෙවර ලෝක් රූ රැජිණ තරගය නියෝජනය කරන අනුදි ගුණසේකරගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතා එක් කළ පෝස්ට් එක සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් කරන් හේතු දෙකයි.

රාජ්‍ය ආයතනයක හෝ දෙපාර්තමේන්තුවකට අයත් නිල සමාජ මාධ්‍ය ගිණුමක් හෝ වෙබ් අඩවියක් ඒ ආකාරයෙන් ප්‍රවර්ධනයකට හෝ පෞද්ගලික අභිලාෂයක් සඳහා යොදා ගත හැකිද?

මෙය අනුදි ගුණසේකරගේ පියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත ගුණසේකර මහතාගේ ඉල්ලීමක් අනුව සිදු කරන ලද්දක්ද? මේ සඳහා නියෝගය දුන්නේ කවුද?

ඔහුගේ ඉල්ලීමක් පරිදි සිදු වූවක් නොවන්නේ නම් මෙය පැහැදිලිවම ඒ මහතාත් අනුදි ගුණසේකර දෙදෙනාම අපකීර්තියට පත් කරන්නකි.

නිකන් තියෙන ෆේස්බුක් එකනේ, අනේ මොකද වෙන්නේ, ලාංකික සිංහල බෞද්ධ දියණියනේ කියමින් එම පෝස්ට් එක සාධාරණීකරණය කරන මිනිසුන් දකින විට ඇති වන්නේ බියකි. ලැජ්ජාවකි.

වරද නම් වරදමය. අනුදි රට නියෝජනය කරමින් රටට විශාල ගෞරවයක් ලබාදීම සඳහා කැපවීමෙන් යුතුව ජ්‍යාත්‍යන්තර තරගයක සිටින බව ඇත්තය. එහෙත් කුමන හෝ ජයග්‍රහණයක් වෙනුවෙන් බලය අනිසි ලෙස යෙදවීමට යාමේදී ජයග්‍රහණය ලැබුවත් එය ඉතා කැතය.

අනේ කමක් නෑ ශ්‍රී ලාංකික දියණියක්නේ කියා වැළපෙන ඔබගේ දියණියකට හෝ පුතෙකුට ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් ගිණුමේ සහාය ලැබේවිදැයි මදකට හිතන්න.

2025 ආසියානු යොවුන් බොක්සින් ශූරතාව මේ දිනවල පැවැත්වෙන අතර අවුරුදු 22න් පහළ කිලෝග්‍රෑම් 75 බර පන්තියේ රිදී පදක්කම ශ්‍රී මොහොමඩ් යස්මින් උසෙයින් විසින් දිනාගෙන ඇත.

වයස 22න් පහළ කිලෝග්‍රෑම් 81 බර පන්තියේ රිදී පදක්කම නෙත්මි තරුෂිකා විසින් දිනාගන්නා ලදී. වයස අවුරුදු 22න් පහළ 63 Kg බර පන්තියේ රිදී පදක්කම දිනාගනු ලැබුවේ හංසනී නායකරත්න විසිනි.

කෝ…. ශ්‍රී ලංකා පොලිසිය රට වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබෙනවා දුටුවාද?

එවැනි සහාය කෙසේවෙතත් සැකපිට අත් අඩංගුවට ගත් සමහර දරුවන් පෙට්ටියෙන් ගෙදර එන අවස්ථා නම් අප දැක ඇත.

අනේ මිනිසුනි, සිංහල බෞද්ධ නාමයෙන් අන්ධ භක්තිකයන් නොවන්න.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!