සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල් නිවාසයේ පිහිටි නිවසට නීතිවිරෝධී ලෙස ඇතුළු වීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ කාන්තාවක් බ්‍රහස්පතින්දා උදෑසන මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් නිලධාරීන්ට අනුව කාන්තාව ඉහළ පෙළේ ගොඩනැගිල්ලේ ආරක්ෂාව කඩ කිරීමට උත්සාහ කළ නමුත් ඇය නළුවාගේ නිවසට ළඟා වීමට පෙර ඇයව වළක්වා ගැනීමට ආරක්ෂක නිලධාරීන් සමත් වී තිබෙනවා.

මේ වන විට මුම්බායි පොලිසිය ඇයගෙන් ප්‍රශ්න කරමින් සිටින අතර බලධාරීන් ඇයගේ අනන්‍යතාවය සහ උපන් ස්ථානය තහවුරු කරමින් සිටින බවයි වාර්තා වන්නේ. ඇය ප්‍රදේශයේ පදිංචිකාරියක්ද නැතහොත් වෙනත් නගරයකින් පැමිණි තැනැත්තියක්ද යන්න තවමත් තහවුරු කරගෙන නැහැ.

මෙම සිදුවීම මැයි 19 වන දින සවස සිදු වූවකි. මැයි 20වැනිදා තවත් පිරිමි පුද්ගලයෙකුද ඔහුගේ නිවසට ඇතුළු වීමට උත්සහදරා ඇති අතර පැමිණිලි පදනම්ව, බන්ද්‍රා පොලිසිය පුද්ගලයින් දෙදෙනාටම එරෙහිව නඩු පවරා ඇතැයි වාර්තා වෙනවා.

2024 අප්‍රේල් මාසයේදී මුම්බායි හි බන්ද්‍රා ප්‍රදේශයේ සල්මන් ඛාන්ගේ ගැලැක්සි මහල් නිවාසයෙන් පිටත වෙඩි තැබීම් සිදුව තිබුණා.

ඔහුට ලෝරන්ස් බිෂ්නෝයි යන පාතාල කල්ලියකින් දිගින් දිගටම තර්ජන පැවතුනා. වෙඩි තැබීමේ වගකීම භාර ගත්තේද එම කල්ලිය විසිනි. ඉන් පසු සල්මන්ගේ ආරක්ෂාව සැලකිය යුති ලෙස ශක්‍තිමත් කළ බවයි වාර්තා වුණේ.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...