ඇමරිකාව එළවන හාර්වඩ් ඇතුළු ජ්‍යාත්‍යන්තර සිසුන් භාර ගැනීමට චීනය සූදානම්…

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් හාර්වඩ් විශ්වවිද්‍යාල‍ය ජ්‍යාත්‍යන්තර සිසුන්ට තහනම් කිරීමත් සමඟ එහි උපරිම වාසිය ගැනීමට චීනය සහ හොංකොං රාජ්‍යයන් පියවර ගනිමින් සිටිනවා.

මේ අනුව එක්සත් ජනපද මර්දනය හමුවේ, චීනය හා හොංකොං ජ්‍යාත්‍යන්තර සිසුන් සඳහා කොන්දේසි විරහිත දීමනා පොරොන්දු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

එහිදී හාර්වඩ් සිසුන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට ඔවුන් සූදානම්ය.

නිව්ස්වීක් පුවත්පතට අනුව, හොංකොං විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය (HKUST) ඉදිරි පාසල් වර්ෂය සඳහා ඇතුළත් වීමට අවශ්‍ය නීති සහ කොන්දේසි කඩිනමින් ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

විශ්ව විද්‍යාලය කඩිනම් ඇතුළත් කිරීම්, ණය මාරු කිරීම්, සිසුන්ට වීසා ලබා ගැනීම සඳහා ආධාර, නවාතැන් ලබාදීමට ප්‍රමුඛත්වය වැනි සහන පැකේජයක් ඊට ඇතුළත් ය.

හාර්වඩ් විශ්ව විද්‍යාලයේ විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම සහ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් නැවැත්වීම සම්බන්ධයෙන් චීන රජය එක්සත් ජනපද රජය විවේචනය කිරීමෙන් පසුව මෙම සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා.

බ්‍රහස්පතින්දා මෙම පියවර නිවේදනය කරමින් එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව හාර්වඩ් විශ්වවිද්‍යාලය ජ්‍යාත්‍යන්තර සිසුන්ට වසා දැමුවේ එය “ඇමරිකානු විරෝධී, ත්‍රස්තවාදී හිතවාදී උද්ඝෝෂකයින් වර්ධනයට හේතුවක් බව පවසමිනි. විශ්වවිද්‍යාලය තුළ යුදෙව් සිසුන්ට හිරිහැර කිරීමට සහ පහර දීමට ඉඩ දීමෙන් අනාරක්ෂිත විශ්වවිද්‍යාල පරිසරයක් නිර්මාණය කර ඇති බවයි ට්‍රම්ප් පරිපාලනය අවධාරණය කරනු ලැබුවේ.

චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සම්බන්ධීකරණය කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් හාර්වඩ් වෙත චෝදනා එල්ල කළා. මෑතකදී චීන පැරාමිලිටරි කණ්ඩායමක සාමාජිකයින්ට සත්කාරකත්වය ලබා දී පුහුණු කළ බව එක් චෝදනාවකි.

හාර්වඩ් විශ්වවිද්‍යාලය, මෙම තීරණය නීති විරෝධි බව පවසමින් හෙළා දැක තිබෙනවා.

රටවල් 140කට වැඩි ප්‍රමාණයකින් පැමිණෙන ජ්‍යාත්‍යන්තර සිසුන් සඳහා සත්කාරකත්වය දැරීමට හැකිවීම ජාතිය අසීමිත ලෙස පෝෂණය කළ බව එම සරසවිය පෙන්වා දී තිබෙනවා.

මෙම තීරණය තහනම් කර ගැනීම සඳහා වන සියලුම නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කැප වෙන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

මේ අතර, ඇමරිකානු රජයේ මෙම පියවර විදේශයන්හි ඉහළම දක්ෂතා ඇති අය අධ්‍යාපනය සඳහා එක්සත් ජනපදයට පැමිණීම වැළැක්වීමේ බරපතල තත්ත්වයක් බවට ද අනතුරු ඇගවීම් එල්ල වී තිබෙනවා.

මේඔස්සේ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව චීනය, හොංකොං සහ වෙනත් ස්ථානවල ඉහළම ආයතන තෝරා ගැනීම වැඩි විය හැකියි.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!