එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ දොර වැසුණු ජ්‍යාත්‍යන්තර සිසුන් අතර අනාගත රැජිනියක් ද සිටී.
ඇය බෙල්ජියම් ඔටුන්න හිමි කුමාරිකාව වන එලිසබෙත් කුමරියයි. ට්‍රම්ප්ගේ හාවර්ඩ් තහනම් කිරීමේ තීරණය එන විට ඇය හාර්වඩ් හි දෙවැනි වසරට සුදුසුකම් ලබා තිබුණා.
අනෙකුත් සිසු සිසුවියන්ට මෙන්ම 23 හැවිරිදි එලිසබෙත්ගේ අඛණ්ඩ අධ්‍යාපන කටයුතුවලටද මෙය දරුණු බලපෑමක් එල්ල කර තිබෙනවා.
ට්‍රම්ප් පරිපාලනය බ්‍රහස්පතින්දා හාර්වඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම තහනම් කළා.
එම තීරණය වත්මන් විදේශීය සිසුන්ට වෙනත් පාසල්වලට මාරු කිරීමට බල කෙරුණකි. එමෙන්ම එක්සත් ජනපදයේ ඔවුන්ගේ නීත්‍යානුකූල තත්ත්වය අහිමි කිරීම එමඟින් සිදු වෙනවා. එපමණක් නොව මෙම මර්දනය අනෙකුත් විද්‍යාල වෙත ව්‍යාප්ත කිරීමට ද යන බවට ද බියක් මතු වී පවතී.
ට්‍රම්ප් පරිපාලනය ගත් මෙම තීරණයේ බලපෑම ඉදිරි දින සහ සතිවලදී පැහැදිලි වනු ඇති බවත් දැනට තත්වය විමර්ශනය කරමින් පවතින බව බෙල්ජියමේ රාජකීය මාළිගාවේ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.
එලිසබෙත් කුමරිය හාර්වඩ් හි මහජන ප්‍රතිපත්ති හදාරමින් සිටින අතර එය වසර දෙකක ශාස්ත්‍රපති උපාධි වැඩසටහනකකි.
විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියට අනුව එය සිසුන්ගේ ඉදිරිදර්ශන පුළුල් කරන අතර “රාජ්‍ය සේවයේ සාර්ථක වෘත්තිකයන්” සඳහා ඔවුන්ගේ කුසලතා මුවහත් කරනු ලබන්නේය.
කුමරිය බෙල්ජියම් සිංහාසනයේ උරුමක්කාරියයි. පිලිප් රජුට සහ මැතිල්ඩ් රැජිනට දාව උපන් දරුවන් හතර දෙනාගෙන් වැඩිමලාය. හාර්වඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට පෙර, ඇය එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය සහ දේශපාලනය පිළිබඳ උපාධියක් ලබා ගෙන තිබුණා.
දහස් ගණනක් සිසුන්ට බලපාන ට්‍රම්ප් පරිපාලනයේ මෙම පියවර නීති විරෝධී බවත් එය පළිගැනීමක් බවත් හාර්වඩ් ඊට ප්‍රතිචාර දක්වමින් පවසා තිබෙනවා.