ලෝක රූ රැජින තරගයේ ටොප් මොඩල් මහද්වීපික ජයග්‍රාහිකාවෝ සිව් දෙනා

ලෝක රූ රැජින තරගයේ ටොප් මොඩල් තරගය සෙනසුරාදා හයිද්‍රාබාද් ට්‍රයිඩන්ට් හෝටලේයේදී පැවැත්වුණා.

මෙම ආකර්ෂණීය විලාසිතා ඉසව්වට ලොව පුරා තරඟකරුවන් 108 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී තරගකාරියන් එම වටයට එක් වුණේ තම රට සහ මහාද්වීපය නියෝජනය වන ආකාරයෙනි.

අවසාන තරගකරුවන් අට දෙනා අතරින් සමබරතාවය, විශ්වාසය සහ ධාවන පථයේ පැවැත්ම යන සාධක මත පදනම්ව එක් මහද්වීපයකින් එක් ජයග්‍රාහකයකු ලෙස ජයාග්‍රාහිකාවන්ගේ කවයට සිව්දෙනෙකු ප්‍රකාශයට පත් කිරීම සිදු වුණා.

එහිදී ආසියාව සහ ඕෂනියා කලාපය සඳහා ඉන්දියාවේ නන්දිතා ගුප්තා, අප්‍රිකාව නියෝජනය කරමින් නැමීබියාවේ සෙල්මා කමන්යා, ඇමරිකානු සහ කැරිබියන් සඳහා මාර්ටිනික් ඕරේලි ජෝකිම්, යුරෝපය සඳහා අයර්ලන්තයේ ජැස්මින් ගෙර්හාර්ඩ් මහද්වීපික ජයග්‍රහණ දිනා ගනු ලැබුවා.

අවසන් තරඟකරුවන් අට දෙනා තෝරා ගැනීමට පෙර සියලුම තරගකාරිනියන් වේදිකාව මත ඔවුන්ගේ නිරූපනයන් ඉදිරිපත් කළා.

ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර එම තරග වටය සඳහා ඉදිරිපත් වූ අතර ඇගේ ඇඳුම නිර්මාණය කර තිබුණේ මෙරට ප්‍රකට නිර්මාණශිල්පියෙකු වන ධනංජය බණ්ඩාර විසිනි.

කෙසේ වෙතත් අවසාන අට දෙනා අතරට පැමිණීමේ අවස්ථාව අනුදිගෙන් ගිලිහී යද්දී ආසියානු ඕෂනියා කලාපයෙන් අවසන් අට දෙනා අතරට යාමට වාසනාවන්ත වුණේ ඉන්දියාව නියෝජනය කළ නන්දිතා ගුප්තා සහ නවසීලන්ත තරගකාරිය සමන්තා පූල්ය.

තරගය ආරම්භ වීමට පෙර ඉන්දියානු සංස්කෘතිය, විලාසිතා සහ තෙලන්ගනාහි රෙදිපිළිවල උරුමය සැමරීම සඳහා සියලුම තරගකාරිනියන් එම විලාසිතාවලින් සැරසී වේදිකාවට පැමිණීම සිදුවුණා.

මෙම ඇඳුම් නිර්මාණය කරන ලද්දේ ප්‍රසිද්ධ ඉන්දියානු නිර්මාණකරු අර්චනා කොච්චර් විසිනි.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...