ඉන්දියාව කොවිඩ්19 ශිඝ්‍රයෙන් ඉහළට

ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක කොවිඩ්-19 රෝගීන් ඉහළ යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

ආසාදනවල තවදුරටත් වැඩිවීම සිදුවුවහොත් එය මැඬ පැවැත්වීම සඳහා එරට සෞඛ්‍ය පද්ධතිය සුදානම් කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ අනුව රෝහල්වලට අවශ්‍ය ඇඳන්, ඔක්සිජන්, ඖෂධ සහ එන්නත් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතී. විවිධ ප්‍රාන්තවලින් වාර්තා වී අති රෝගීන් මෘදු ලක්ෂණ පෙන්නුම් කරනු ලබන අතර රෝගීන් නිවාස රැකවරණය යටතේ සිටින බව නිල ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

රෝගීන් වාර්තා කර ඇති ප්‍රාන්ත හා නගර අතරට කේරළය, තමිල්නාඩු, මහාරාෂ්ට්‍ර, කර්ණාටක සහ දිල්ලිය ඇතුළත්ය.

ආසාදන වාර්තා වූ රෝහල් සඳහා උපදේශන නිකුත් කිරීමටද සෞඛ්‍ය බලධාරීන් මේ වන විට පියවර ගෙන තිබෙනවා.

Latest News

More like this

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න්ගේ දියණිය ඇප මත මුදා හැරේ..

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන...

දේශීය ආදායම කඩිනමින් ඩිජිටල් කරන්න.. ජනපතිගෙන් නියෝගයක්

රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට...

රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… ඇමති අනිල්

විධිමත් පරීක්ෂණයකින් තොරව රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණය රජය ඇතුළාන්තයෙන්ම භාජනය විය යුතු පරීක්ෂණයකි… ජනපති අනුර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණය රජය, රජයේ ඇතුලාන්තයෙන්ම භාජනය...
error: Content is protected !!