සිරකරුවන් හුවමාරුව අතරතුර රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාරයක්

වසර 3ක් පුරා පැවති යුද්ධයේ විශාලතම සිරකරු හුවමාරුව අවසන් වුවද, සෙනසුරාදා රාත්‍රියේ සිට ඉරිදා උදෑසන දක්වා රුසියානු ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාර මාලාවක් නැවතත් යුක්‍රේනය නගරවලට එල්ල කරනු ලැබුවා.

රුසියාව විසින් යුක්‍රේනයේ ස්ථාන 22ක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වර්තාවලට අනුව ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් ගණන 12කි.

යුක්‍රේනයේ ගුවන් හමුදාව ටෙලිග්‍රෑම් වෙත සටහනක් යවමින් පවසන්නේ රුසියාව ගුවන් ප්‍රහාරක යානා 367 ක් ඉස්කැන්ඩර් බැලස්ටික් මිසයිල නවයක් කෲස් මිසයිල 56 ක් මඟ පෙන්වන ගුවන් මිසයිල හතරක් සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා 298 ක් රට පුරා ඉලක්ක වෙත දියත් කළ බවයි.

මෙය 2022 වසරෙන් පසුව එක් රාත්‍රියක දී රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ දරුණුතම ප්‍රහාරය බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් රුසියාවේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවට යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි චෝදනා කර තිබෙනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...