යුධ නෞකාව දියත් කිරීමේදී පෙරළී යාම නිසා රතු කට්ට පැන්න උතුරු කොරියාවේ නායකයා..

පසුගිය සතියේ උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන්ගේ නවතම යුද නෞකාව දියත් කිරීමේ දී එය පෙරළී ජලයේ ගිලීයාමේ අනතුරට වගකිව යුතුයැයි චෝදනා එල්ල වූ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට පත් වූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ සිව් දෙනා අතර පක්ෂ මධ්‍යම කමිටුවේ යුධෝපකරණ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ උප දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ රි හියොන්ග් සොන් ද ඇතුළත්වන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ඔහු “බරපතල අනතුර සිදුවීමට බෙහෙවින් වගකිව යුතු” බව කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාවක සඳහන්ය.

අනතුර සිදු වූ චොංජින් නැව් අංගනයේ ප්‍රධාන ඉංජිනේරුවරයා, ඉදිකිරීම් වැඩමුළුවේ ප්‍රධානියා හා පරිපාලන කටයුතු භාර නියෝජ්‍ය කළමනාකරු අත්අඩංගුවට පත් වූ අය අතරට ඇතුළත් වෙනවා.

පසුගිය සතියේ අසාර්ථක දියත් කිරීම, කිම් විසින් හඳුන්වනු ලැබුවේ “සාපරාධී ක්‍රියාවක්” ලෙසයි. අනතුරට වගකිවයුතු සියලුම පුද්ගලයින්ට දඬුවම් ලබා දෙන බවට ද ඔහු සහතික වී තිබුණා.

නෞකාව අලුත් වැඩියාව සඳහා දින 10ක පමණ කාලයක් ගත වනු ඇති බව සඳහන්ය.

ජුනි අග පාලක කම්කරු පක්ෂයේ පූර්ණ සැසිවාරයට පෙර ජාතියට කරන ගෞරවයක් ලෙස සලකා එය යථා තත්ත්වයට පත් කරන ලෙසයි කිම් නියෝග දී ඇත්තේ.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...