ලෝක රූ රැජින සංවිධානයෙන් එංගලන්ත රූ රැජිනට උත්තරයක්

ඉන්දියාවේ තෙලන්ගානා හි පැවැත්වෙන 2025 ලෝක රූ රැජින තරඟය අතරතුර ඉන්දියාවේ ඇයගේ අමිහිරි අත්දැකීම් සම්බන්ධයෙන් චෝදනා කරමින් තරගයෙන් ඉවත් වූ එංගලන්ත රූ රැජිනිය මිලා මැගීගේ චෝදනා ලෝක රූ රැජින සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

2024 වසරේ වත්මන් මිස් එංගලන්ත රූ රැජින වන මිලා මැගී, පුද්ගලික සහ සදාචාරාත්මක ගැටළු උපුටා දක්වමින් 2025 ලෝක රූ රැජින තරඟයෙන් ඉවත් වීමට තීරණය කළ බව නිවේදනය කරනු ලැබුවා. එහිදී ඇය චෝදනා කලේ තරගයට අනුග්‍රහාකත්වය දැක්වූවන් ඇතුළුව තවත් අමුත්තන් බොහෝ දෙනෙකු සතුටු කිරීමට බල කළ බවයි.

එය ගණිකා සේවයට සමාන අත්දැකීමක් හා හැඟීමක් එක්කළ බවට ඇය ආන්දෝලන්තාමක ප්‍රකාශයක් සිදු කළා.

ලෝක රූ රැජින සංවිධානයේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරී ජූලියා මෝර්ලි චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඒවා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ යථාර්ථයට නොගැළපෙන බව ප්‍රකාශ කර තිබෙනවා. මැගීගේ ඉවත්වීම වටා ඇති තත්වයන් ආමන්ත්‍රණය කරමින් සංවිධානය නිවේදනයක් නිකුත් කළ අතර ඇය මුලින් ඉවත් වූයේ ඇගේ මවගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් පවුලේ හදිසි අවස්ථාවක් නිසා බවයි පවසන්නේ.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!