විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ගෙන් එල්ල වූ පීඩනය දරාගත නොහැකිව තවත් ශිෂ්‍ය ජීවිතයක් අකාලයේ මිලින වෙලා

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේදී ගෙල වැලලාගෙන මියගිය සිසුවියගේ මරණය ගෙල සිරවීමෙන් වූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව බිංගිරිය පොලිසිය පවසනවා.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ මහනුවර පුටුහපුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වූ 23 හැවිරිදි සංජීවනී නම් සිසුවියකි. ඇය පසුගිය 23 වැනිදා තවත් සිසුවියන් කිහිපදෙනකු සමගින් හලාවත ප්‍රදේශයේ පාසලක ගුරු පුහුණු කටයුතුවල නිරතව සිට සවස විද්‍යාපීඨයේ නේවාසිකාගාරය වෙත පැමිණ තිබෙනවා.

ඇය නවාතැන් ගන්නා නේවාසිකාගාර කාමරයට පසුව පැමිණි එම කාමරයේ අනෙක් නේවාසික සිසුවිය ඇය දොර විවෘත නොකිරීම නිසා අන් අයගේ සහාය ඇතිව දොර කඩා බැලීමේදී එම සිසුවිය ඇගේ සුදු සාරියෙන්ම කාමරයේ විදුලි පංකාවේ එල්ලී සිටිනු දැක ඇති බවයි වාර්තා වන්නේ.

වහාම ඇය බිංගිරිය දිසා රෝහල වෙත රැගෙන ගොස් එතැන් සිට හලාවත රෝහල වෙත මාරු කර යවා ඇති අතර ඒ අතරතුර මෙම සිසුවිය මියගොස් තිබුණා. වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසු සිසුවියෝ පෙරේදා ( 24 වැනිදා ) රාත්‍රිය වනතුරුම විරෝධතාවක නිරත වුණේ මෙම සිසුවියගේ මරණය ගුරුවරුන්ගෙන් විඳින්නට සිදුවූ හිරිහැර මත සිදුව ඇති බවට චෝදනා කරමින්ය.

එහිදී සිසුන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් පීඨාධිපතිවරයා පැමිණ පිළිතුරක් දෙන තෙක් විරෝධතාව අත් නොහරින බවය. කෙසේ වෙතත් වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපතිවරයා පැමිණ ලබාදුන් පොරොන්දුවකින් පසු විරෝධතාව අත්හැරීමට සිසු සිසුවියෝ කටයුතු කරනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වූ පීඨාධිපති ලාල් කුමාර පවසා තිබුණේ මෙවැනි අදහසක්ය. ‘‘විද්‍යාපීඨවල තියෙන සම්ප්‍රදායක් විතරයි තියෙන්නේ. එහෙම නැතිව අපි මේ ළමයි පීඩාවට පත්කරන්නේ නැහැ. මේ මරණයට හේතුව පීඩනයද කියල කියන්න මට තොරතුරු නැහැ. හැබැයි ඒ ළමයා මැරෙන්න සති දෙකකට කලින් ගෙදර ගියා. එතකොට එයා අක්කලාට කියල තියෙනවා මට ජීවත් වෙන්න එපා වෙලා තියෙනවා ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. ළමයා කියල තියෙන්නේ ස්ට්‍රෙස් තියෙනවා කියලා.’’

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!