චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය විය හැකි මාරාන්තික රෝග දෙකකට සමාන වෛරස ඇතුළු නවතම වෛරස 20ක් සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.

වවුලන් පරීක්ෂා කිරීමේදී විශේෂඥයින් වෛරස් 22 ක් සොයා ගත් අතර ඉන් 20 ක් මීට පෙර කවදාවත් සොයා නොගත් වෛරසයන් බව හෙළි වී තිබුණා. මිනිසුන්ට සමීප පළතුරු වතු ආශ්‍රිත වවුලන්ගේ නියදියකින් සිදු කරන බැවින් මෙම වෛරස ඔස්සේ මිනිසුන්ට දැඩි අවධානමක් පවතින බවට පර්යේෂකයින් කණසල්ල පළ කරනු ලබනවා. මිනිස් වාසයට සමීප වවුලන්ගෙන් පැතිර යන නිසා මිනිසුන් පරිභෝජනය කරනු ලබන ආහාර දූෂණය විය හැකි අතරම මිනිසුන් අතර වෛරසය පැතිරයාමේ අවධානමක්ද පවතී.

ඒ අතර පවතින වෛරස් දෙකක් මාරාන්තික හෙන්ඩ්‍රා සහ නිපා වෛරස් වලට සමාන බව පර්යේෂකයින් පවසනවා.වෛරස් දෙකම මිනිසුන් තුළ මොළය ආශ්‍රිත රෝග සහ භයානක ශ්වසන රෝග ඇති කළ හැකිය.

නිපා යනු වවුලන්ගෙන් උපදින වෛරසයක් වන අතර වසංගතයක් ඇති කිරීමේ හැකියාව ඇති නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “ප්‍රමුඛතා රෝග කාරකයක්” ලෙස සලකුණු කරනු ලැබූවකි.

එයට ගොදුරු වූවන්ගෙන් සියයට 70 ක් දක්වා මිය යා හැකි අතර බංග්ලාදේශය, ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය සහ සිංගප්පූරුව යන රටවල පැතිරීම් වාර්තා වී තිබෙනවා.

මේ අතර හෙන්ඩ්‍රා යනු රෝග වාහක වවුලන් විසින් ආසාදනය වූ අශ්වයන්ගෙන් මිනිසුන්ට පැතිර යා හැකි දුර්ලභ වෛරසයකි. වෛරසය මුලින්ම සොයා ගනු ලැබුවේ ඔස්ට්‍රේලියාවෙනි. ඕස්ට්‍රේලියාවේ රෝගීන් හත් දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන්ය.

Latest News

More like this

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...

නිලන්තට මරණ දණ්ඩනය දීම කතෝලික පල්ලියේ ස්ථාවරය නොවේ

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීමේ චෝදනාව මත වැඩ තහනම් වූ...

වැව්‍ රක්ෂිතවල ඉදි කර ඇති සියලුම හෝටල් ඉවත් කරනවා. ඩඩ්ලිටත් වැඩ වරදීවි… ඇමති ලාල්කාන්ත කියයි

අනුරාධපුරයේ වැව් රක්ෂිත මායිම් සලකුණු කිරීමේදී තරාතිරම නොබලා එම...
error: Content is protected !!