ඩොලර් මිලියන 50ක් වියදම් කර දින තුනක් මඟුල් කෑ ඇමසන් අධිපති

ඇමසන් නිර්මාතෘ, බිලියනපතියෙකු වන ජෙෆ් බෙසෝස් සිකුරාදා වැනීසියේ පැවති සුඛෝපභෝගී විවාහ මංගල්‍යයකදී රූපවාහිනී නිවේදිකාවක් වන ලෝරන් සැන්චෙස් සමඟ විවාහ වුණා.

එය ජනප්‍රිය තරු, නළු නිළියන්, රාජකීයයන් සහභාගී වූ දින තුනක් පුරා පැවති දැවැන්ත උත්සවයකින් සමන්විතව තිබුණා.

ඔප්රා වින්ෆ්‍රේ, ඔර්ලන්ඩෝ බ්ලූම්, කයිලි ජෙනර් සහ ඉවන්කා ට්‍රම්ප් වැනි ප්‍රභූ සහ කීර්තිමත් පුද්ගලයින් ගණනාවක් එම අවස්ථාවට සහභාගී වු බවයි වාර්තා වුණේ.

ලේඩි ගාගා සහ එල්ටන් ජෝන්ගේ ඉදිරිපත් කිරීම් සමඟ විශාල නැව් අංගනයකදී සෙනසුරාදා උත්සවය අවසන් කෙරුණු බව වාර්තා පවසනවා. ආසන්න වශයෙන් උත්සවයට ආරාධනා ලැබී තිබුණේ අමුත්තන් 200 දෙනෙකු පමණක් වන අතර ඉන් 70 දෙනෙකු ඔවුන්ගේ පවුලේ අය බවයි පැවසෙන්නේ.

සිකුරාදා උත්සවය සිදු කෙරුණේ සැන් ජෝර්ජියෝ නම් කුඩා දූපතේ දීය.

විවාහ මංගල්‍යයේ නිශ්චිත වියදම මෙතෙක් ප්‍රකාශයට පත්ව නැති නමුත් වාර්තා පවසන ආකාරයට ඇස්තමේන්තුගත මුදල ඩොලර් මිලියන 20 සිට ඩොලර් මිලියන 50 ඉක්මවන බව සඳහන් ය.

ජෙෆ් මේ වන විට 61 වැනි වියේ පසුවන අතර ඔහුගේ අතගත් සැන්චෙස් 55 වැනි වියේ පසුවෙනවා.

මෙය සැන්චෙස් සහ බෙසෝස් යන දෙදෙනාගේම දෙවන විවාහයයි.

මෙම යුවළට පෙර විවාහ සහ සබඳතාවලින් දරුවන් හත් දෙනෙක් සිටින බව සඳහන් ය.

ඔවුන් 2023 මැයි මාසයේදී විවාහ ගිවිස ගත් බව මීට පෙර වාර්තා වූවකි.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!