විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන තිබූ තීරණය වළක්වාලමින් ශේෂ්ඨාධිකරණ නිකුත් කළ අතුරු තහනම් නියෝග ක‍්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ බව හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූ‍ක්පිටිය මහතා ඊයේ (ජුලි 01* ශේෂ්ඨාධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුට දඬුවම් නියම කිරීම ලබන 24වැනිදා තෙක් කල් තැබීමට ශේෂ්ඨාධිකරණය තීරණය කරනුු ලැබුවා.

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් දෙන්නයි ඉල්ලා හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරුන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණා.

එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව විද්‍යුත් වීසා ලබා දීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබා දීමට ගෙන තිබූ තීරණය වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදීත් ආගමන හා විගමන පාලකවරයා වශයෙන් කටයුතු කළ හර්ෂ ඉලූ‍ක්පිටිය මහතා ශේෂ්ඨාධිකරණ නියෝග ක‍්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් නඩුවක් ගොනු කෙරුණා.

එම නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකාර හර්ෂ ඉලූ‍ක්පිටිය මහතා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා මීට පෙර අවස්ථාවේදී මෙම චෝදනාවට තමා නිවැරදිකරු වශයෙන් කළ ප‍්‍රකාශය ඉල්ලා අස් කර ගන්නා බවත් අදාළ චෝදනාවට තම සේවදායකයා වරද පිළිගන්නා බවත් කියා සිටියා.

ඒ අවස්ථාවේදී විත්තිකාර හර්ෂ ඉලූ‍ක්පිටිය මහතා අධිකරණය ඉදිරියට පැමිණ ප‍්‍රකාශ කළේ තමන් ඒ අවස්ථාවේ මානසික පීඩනයෙන් සිටි බවත් විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටි බවත් ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා තමාට කතා කර නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමකින් තොරව ශේෂ්ඨාධිකරණ නියෝග ක‍්‍රියාත්මක නොකරන ලෙස තමාට කී බවත් නියෝග ක‍්‍රියාත්මක නොකළේ ඒ අනුව බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

පෙත්සම්කාර හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතා කරුණු දක්වමින් විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාව ඉතාම බරපතල හෙයින් ඔහුට මතක හිටින දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටියා.

පෙත්සම්කාර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුගේ මෙම ප‍්‍රකාශය හේතුවෙන් රුපියල් කෝටි 370ක් පමණ රජයට අහිමිව වී ඇතිබවයි.

විත්තිකාර හර්ෂ ඉලූ‍ක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා කරුණු දක්වමින් සිද්ධියට අදාළව මෙවන විටත් පුරා මාස ගණනාවක් තිස්සෙ රිමාන්ඕ බාරයේ රඳවා සිටියේ යැයි සඳහන් කර සිටියා.

තිදරු පියකුවන තම සේවාදායකයාට විරුද්ධව මීට පෙර කිසිදු ආකාරයක පැමිණිල්ලක් නොතිබුණේ යැයි කී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එම තත්ත්වය යටතේ සේවාදායකයාට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසයි ඉල්ලා සිටියේ.

Latest News

More like this

රට හදන්න සිරිසේන පවුලෙනුත් කෝටි 10ක්

අරලිය සමූහ ව්‍යාපාරය මඟින් හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට...

තනි මිනිහෙක්ගෙන් රටක් පාලනය කරන්න පුළුවන්ද..?

ජනාධිපතිවරණය, මහ මැතිවරණ සහ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපගේ මාධ්‍ය...

රන්වල අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට..

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල අත්අඩංගුවට ගැනීම...

ඇමරිකානු උප රාජ්‍ය ලේකම් ඇලිසන් අනුරට දෙන්න පොරොන්දු වුණු වටිනාම දේ

ශ්‍රී ලංකාව හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ...