පරිපාලනයක් නැතිව ජාතික රෝහල ලෙඩ වෙයි.. හදවත් රෝගීන්‍ට ලක්ෂයක බේත් පිටින් ගේන්න කියයි

කොළඹ ජාතික රෝහලේ සැත්කම් නියම කරනු ලබන හෘද රෝගීන්ට සිය සැත්කමට අවශ්‍ය රු 125,000ක ඖෂධ පිටින් රැගෙන එන ලෙසට නිර්දේශ කරන බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

හෘද රෝගීන් වසර දෙකක පමණ සිට සිය සැත්කම සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව ඇති බව ද ඔහු සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැටලුකාරී තත්ත්වයට මූලික හේතුව මාස හතරක සිට රෝහලට අධ්‍යක්ෂවරයකු නොමැති වීමයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට කොළඹ ජාතික රෝහලේ MRI යන්ත්‍ර හතර මේවන විට අක්‍රීය වී තිබෙනවා. ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍ර තුනෙන් දෙකක් ඉකුත් ජනවාරි මාසයේ සිට අක්‍රීය වී ඇත. සැත්කම් ප්‍රමාදයට මූලික හේතුව මෙයයි.

ඖෂධ හිඟයට ප්‍රධානම හේතුව පරිපාලනයක් නොමැති වීම බවයි රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

Latest News

More like this

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...