ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට බල හුවමාරුවකට තුඩු දිය හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

දුර්වල ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය යටතේ ඉදිරියේදී දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බවටයි ඔහු අනතුරු අඟවා ඇත්තේ.

කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත රචිත ‘විකල්ප මඟ’ කෘතිය පිරිනැමූ අවස්ථාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා…

“ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් මම ඉරානය පැත්තේ හිටගන්නවා. මෙම ප්‍රහාර දියත් කළේ ඉරානය පරමාණුක බල ශක්තිය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග සාකච්ඡා කරමින් සිටින විටයි. ඉරානය ශ්‍රී ලංකාවට ද උදවු උපකාර කර ඇති මොහොතක වත්මන් ආණ්ඩුව පෙනී නොසිටීම කණගාටුවට කරුණක්. ලෝකයේ න්‍යෂ්ටික හා ආර්ථික බලයේ ආධිපත්‍ය ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරෙන් ගිලිහී යමින් පවතිනවා.

ආසියානු රටවල් අතරට එය පත්වෙමින් තිබෙනවා. රුසියාව, චීනය බලවේගයක් ලෙස මේ වන විට නැඟී සිටිනවා. එම බලවේගය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට කරදරයක්. චීන මුදල් ඒකකය අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේ මුදල් ඒකකයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. එය බ්‍රික්ස් ඇතුළු රටවල් දැනටමත් භාවිත කිරීමට පටන්ගෙන තිබෙනවා. එය අපේ රටටද ඉදිරියේදී අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේදී භාවිත කළ හැකි මුදල් ඒකකයක්. මේ අවස්ථාවේ ඉන්දියාව අමතක කරන්නත් හොඳ නැහැ. ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන හතරක විදේශ සංචිතයක් ඇති ඉන්දියාව සමඟ අපි ගමන් කළ යුතු යි.”

Latest News

More like this

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...