අගෝස්තු 02වැනිදා ෂාරුක් ඛාන් කොළඹ සිහින නගරයට පැමිණීම තහවුරු කරයි

“බොලිවුඩයේ කින්ග් ඛාන්”ලෙස ජනප්‍රිය ෂාරුක් ඛාන් 2025 අගෝස්තු 2 වන දින “සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා” හි සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස කොළඹට පැමිණීමට නියමිත බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

City of Dreams Sri Lanka නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සනාථ කරනු ලැබූ අතර සිටි ඔෆ් ඩ්‍රීම්ස් සමාරම්භය සුඛෝපභෝගී සහ විනෝදාස්වාදයේ නව යුගයක් සනිටුහන් කරනු ඇති බවයි එම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හි සුවිශේෂී ව්‍යාපෘතියක් වන මෙය සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදුකරනු ලබන විශාලතම ආයෝජනය ලෙස ද සැලකෙන්නකි.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් සමන්විත මෙම ව්‍යාපෘතිය දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණය සුපිරි හෝටල්, ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදය, සාප්පු සවාරි සහ MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) කාණ්ඩයේ අත්දැකීම් එකම ස්ථානයකට රැගෙන ඒම විශේෂත්වයකි.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!