පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින් 300 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බව ගාසා රජයේ මාධ්‍ය කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

එම කාලය තුළ ඊශ්‍රායලය “ලේ වැකි සමූලඝාතන 26 ක් සිදු කර ඇති” බව එම නිවේදනයේ සඳහන්ය.

බ්‍රහස්පතින්දා (03) අලුයම කාලයේ සිට ඊශ්‍රායලය විසින් අවම වශයෙන් පුද්ගලයින් 73 දෙනෙකු ඝාතනය කර ඇති බවයි එහි සඳහන් වන්නේ. ඒ අතර මතභේදාත්මක ඊශ්‍රායල සහ එක්සත් ජනපද සහාය ලබන ගාසා මානුෂීය පදනමේ (GHF) ආධාර ස්ථානවල ආධාර ගනිමින් සිටි 33 දෙනෙකුද ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ.

පසුගිය පැය 48 තුළ එල්ල වූ ප්‍රහාරවලට දස දහස් ගණනක් අවතැන් වූ ජනතාවගෙන් පිරී ඉතිරී ගිය නවාතැන්, පොදු විවේක ප්‍රදේශ, ඔවුන්ගේ නිවෙස් තුළ සිටින පලස්තීන පවුල්, ජනප්‍රිය වෙළඳපොළවල් සහ වැදගත් සිවිල් පහසුකම් මෙන්ම ආහාර සොයන කුසගින්නේ සිටින සිවිල් වැසියන් ඉලක්ක කර ගත් බව රජයේ මාධ්‍ය කාර්යාල ප්‍රකාශයෙහි වැඩිදුරටත් සඳහන්ය.

ආහාර ලබා ගැනීමට උත්සාහ කරන සිවිල් වැසියන්ට ඊශ්‍රායල හමුදා සහ සන්නද්ධ කණ්ඩායම් “නිරන්තරයෙන්” වෙඩි තබන බව රාජ්‍ය නොවන සංවිධාන ද පවසනවා.

මැයි අග දී GHF මෙහෙයුම් ආරම්භ කළ දා සිට ආධාර පතා පැමිණි පලස්තීනුවන් 600 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර 4,000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් 56,647 ක් මිය ගොස් 134,105 ක් තුවාල ලබා තිබෙනවා.

Latest News

More like this

අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන්...

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...

විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට...