ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ශ්‍රී ලංකාව වෙත පැනවූ 30% ක තීරුබදු පැනවීම, ඇඟලුම් අපනයනයේ ප්‍රතිවාදී රටවල් ගණනාවකට සාපේක්ෂකව අවාසි සහගත වීම නිසා වැඩිම බලපෑමක් එල්ල වූ ක්ෂේත්‍රය වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රය බව රොයිටර් වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයෙන් 40% ක් පමණ එක්සත් ජනපදය සතුය. පසුගිය වසරේ එම වෙළඳපොළෙහි වටිනාකම ඩොලර් බිලියන 1.9 ක් පමණ වූ බව කර්මාන්ත දත්ත පෙන්වා දෙනවා.
මේ හේතුවෙන් 30% ක තීරුබදු ප්‍රතිශතය ලංකාවෙන් අපනයනය කරනු ලබන ඇඟලුම් නිෂ්පාදන කෙරෙහි එල්ල කර ඇති බලපෑම පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරන බව රජය පවසා තිබෙනවා.
ට්‍රම්ප් පරිපාලනය පසුගිය බදාදා ලිපියක් නිකුත් කරමින් අගෝස්තු 1 වන දින සිට ක්‍රියාත්මක වන 30% තීරුබදු පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දී තිබුණා. එය එහි ප්‍රධාන තරඟකරුවෙකු වන වියට්නාමය මුහුණ දෙන 20% බද්දට වඩා බෙහෙවින් වැඩි අනුපාතයකි.
කෙසේ වෙතත්, අසල්වැසි බංග්ලාදේශය සඳහා එක්සත් ජනපද තීරුබදු 35% ක් ලෙස නියම කර ඇති අතර, කාම්බෝජ අපනයන සඳහා 36% ක බද්දක් පැනවීමක් සිදු කර තිබෙනවා.
එක්සත් ජනපදයේ ප්‍රධාන සැපයුම්කරුවෙකු වන ඉන්දියාව සඳහා තීරුබදු තවමත් ප්‍රසිද්ධ කර නැහැ.
“මෙය අවසාන අංකය නම්, වියට්නාමය වැනි අපගේ තරඟකරුවන්ට අඩු තීරුබදු ලැබී ඇති නිසා ශ්‍රී ලංකාව කරදරයක වැටී තිබෙනවා” විශාලතම ඇඟලුම් සමාගම් නියෝජනය කරන ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ යොහාන් ලෝරන්ස් රොයිටර් පුවත් සේවයට පවසනු ලැබුවා.
“නමුත් අපට සාකච්ඡා දිගටම කරගෙන යා හැකි යැයි අපි බලාපොරොත්තු වෙනවා”
බ්‍රහස්පතින්දා රජය සඳහන් කළේ වොෂින්ටනය සමඟ සාකච්ඡා දිගටම කරගෙන යන බවයි.
“අපගේ අභිප්‍රාය වන්නේ ශ්‍රී ලංකාව සඳහා හොඳම අනුපාතය ලබා ගැනීම.. එබැවින් එය අප ඉදිරියට ගෙන යන තුලනාත්මක ක්‍රියාවකි” ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව මහතා පවසනු ලැබුවා. එමෙන්ම පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ඇමරිකාව සමඟ ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළැඹිය හැකි බවට ඉඟියක් ද ලබා දුන්නා.
මේ අතර තවමත් තීරුබදු ප්‍රකාශයට පත් කර නොමැති ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ඇති විශාලතම තර්ජනය විය හැකිය.
“කලාපීය දැවැන්තයා ලෙස ඉන්දියාව ක්‍රීඩාව වෙනස් කරන්නෙකු විය හැකිය. ඔවුන්ගේ (තීරුබදු) වියට්නාමයට සමාන නම්, බලපෑම සැලකිය යුතු වනු ඇත” අපනයනකරුවන් පවසා තිබෙනවා.
2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදයට කරන ලද ඇඟලුම් අපනයනය ඩොලර් මිලියන 747 කි.
එය පසුගිය වසරේ මුළු කාලය සඳහා ඇඟලුම් අපනයනය වූ එක්සත් ජනපදයට ඩොලර් බිලියන 1.9 ක් සහ ලොව පුරා ඩොලර් බිලියන 4.8 ක් වූ ඇඟලුම් අපනයනය හා සසඳනු ලබයි.
එමෙන්ම ඇඟලුම් අපනයන යනු ලංකාවේ තුන්වන විශාලතම විදේශ මුදල් ප්‍රභවයයි.
ඇමරිකා එක්සත් ජනපදය 55% ක බද්දකට මුහුණ දෙන චීනයේ එක්සත් ජනපද ඇඟලුම් ආනයනය මැයි මාසයේදී වසර 22 කට පසු අවම මට්ටමට වැටී ඇති බවයි වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.