අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට එහි අඛණ්ඩ ගලවා ගැනීමේ සහ සහන කටයුතු සඳහා සහාය වීම සඳහා ජපානය විසින් මෙරටට එවූ වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට ළඟා වුණා.

එම කණ්ඩායමට සාමාජිකයින් 31 දෙනෙකු පමණ ඇතුළත්ය.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජනක් කුමාරසිංහ සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) හි නිලධාරීන් විසින් ඔවුන් පිළිගනු ලැබුවා.

වෛද්‍ය කණ්ඩායම් නායක ඉවාස් කිචිරෝ “වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අයට අපගේ හෘදයාංගම සහයෝගය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම මෙම සහයෝගය ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසිකව පවතින මිත්‍රත්වයේ දිගුවක් බව ඔහු කියා සිටියා. පසු ගිය සැප්තැම්බර් මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපානයේ සංචාරයෙන් එම බැඳීම් තවදුරටත් ශක්තිමත් වු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම වෛද්‍ය කණ්ඩායම ආපදාවෙන් දැඩි ලෙස හානි වූ හලාවත රෝහලේ රෝගීන් සහ එම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සේවය ලබා දීමට නියමිතය.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...