ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක් ගෙන ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

2025 වසරේ මේ දක්වා පමණක් ළමයින් සම්බන්ධයෙන් වන ලිංගික අපයෝජන පැමිණිලි 500 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සදහන් කළේය.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ දත්තවලට අනුව 2020 වසරේ සිට 2024 දක්වා කාලය තුළ ළමා ලිංගික අපයෝජන සිදුවීම් 3000 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එම කාලය තුළදී ළමයි 627 දෙනකු ලිංගික හිංසනවලට ලක්ව තිබේ.

2024 වසරේදී ළමා ගැබ් ගැනීම් 213 ක් වාර්තා වී ඇති බවත්, එලෙස ගැබ් ගැනීමට ලක් වූ ළමා මව්වරුන් අතර වයස අවුරුදු 10 ක දැරියක්ද සිටින බව පොලිස් ළමා සහ කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

වාර්තා නොවූ ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීමේ සිද්ධීන් රැසක් තිබිය හැකි බවද පොලිසිය පවසයි.

(aruna – ඉෂාර රත්නකාර)

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...
error: Content is protected !!