ලින්ඩ්සේ තරග වදින 2025 Miss Universe අවසන් තරගයට තව දින 3යි.. පළමුවරට TV සුප්‍රීම් නාලිකාව ඔස්සේ තරගය සජීවීව නැරඹීමට වරම්

2025 විශ්ව රූ රැජින තරගය 2025 නොවැම්බර් 21 වන දින බැංකොක්හි වේලාව 8.00 AM (SL 6.30AM)ට තායිලන්තයේ නොන්තබුරි හි පාක් ක්‍රෙට් හි ඉම්පැක්ට් චැලෙන්ජර් ශාලාවේදී පැවැත්වීමට නියමිත අතර මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට ප්‍රථම වරට එය දේශීය රූපවාහිනී නාළිකාවක් වන TV සුප්‍රීම් නාලිකාව ඔස්සේ නැරඹීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ අනුව 2025 Miss Universe තරගයේ ශ්‍රී ලංකාවේ නිල විකාශකයා වන TV සුප්‍රීම් නාලිකාව සහ SandBrix වෙබ් අඩවිය ඔස්සේ අවසන් තරගය නැරඹීමට හැකියාව පවතී.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලිහංසා ලින්ඩ්සේ වයිට් තරග වැදීමට නියමිතය.

අවසන් මහා තරගයේ දී ජයග්‍රාහිකාවට කිරුළු පළඳවනු ලබන්නේ ඩෙන්මාර්කයේ Victoria Kjær Theilvig විසිනි.

මෙවර විශ්ව රූ රැජින තරගයට තායිලන්තය විසින් සත්කාරය දක්වනු ලබන අතර තායිලන්තයේ හිටපු රජු භූමිබෝල් අදුල්යාදේජ් රජුගේ බිරිඳ වූ සිරිකිත්ගේ අභාවයෙන් පසු වසරක ශෝක කාලයක් තුළ එය පැවැත්වෙනවා. එම තත්ත්වය මත තරඟයේ ඇතැම් වැඩසටහන් රජයේ නිර්දේශයන්ට අනුකූලව වෙනස් කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

BTS ඉන්දියාවට…

ලෝක ප්‍රකට K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළැඹෙන 2026...

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...