ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල වැඩියෙන්ම කතාබහට ලක් වෙන නිළියක් කිව්වත් වැරදි නැහැ. ඒ ග්‍රෑම් 825 බැගින් වන ඇගේ බොරු පියයුරු යුවළ එහෙමත් නැත්නම් සිලිකන් පියයුරු සැත්කමක් ඔස්සෙ ඉවත් කිරීම නිසා.

මෑතකදි ඇය සැත්කමක් ඔස්සේ බද්ධ කරපු ව්‍යාජ පියයුරු ඉවත් කිරීමට දැඩි තීන්දුවක් ගෙන තිබුණා. ඒ වෙනුවෙන් ඇයට බද්ධ කිරීම තරම්ම සංකීර්ණ සැත්කමකට මුහුණ දීමටත් සිදු වුණා. එම සැත්කමෙන් අනතුරුව රෝහල් ඇඳ මත සිට ඇය නැවත ජීවිතයේ සැහැල්ලුව භුක්ති විඳින ආකාරය සමාජ මාධ්‍යඔස්සේ බෙදා ගැනීම නිසා බොහෝ දෙනෙකුගේ අවධානයට එය හේතු වුණා.

ඇගේ එම ක්‍රියාවෙන් පියයුරු බද්ධ කිරිම් ඉවත් කිරීම පිළිබඳ පවතින මතවාදයන්ට නව උද්යෝගයක් ලැබී තියෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් ඇගේ සටහනෙන් පස්සේ බොහෝ අය දැඩි උනන්දුවකින් මේ ගැන කතා බහ කරන්න පටන් ගත්තා. එම ඉවත් කිරීමේ ක්‍රියාවලිය කෙතරම් සංකීර්ණද කියන එක ගැන විශාල කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.

ඇය තරුණයින්ට සෘජුවම ආමන්ත්‍රණය කරමින්, ශරීර වෙනස් කිරීම සඳහා සමාජ මාධ්‍ය පීඩනයට යටත් නොවන ලෙසත් ඇගේ සටහනෙන් ඉල්ලා තියෙනවා. “ඔබට කුමක් වුවත්,කරන්න අවශ්‍ය කුමක් වුණත් වාසි සහ අවාසි සලකා බලන්න. පවුලේ අය සහ වෛද්‍ය විශේෂඥයින් සමඟ ගැඹුරින් කතා කරන්න. ඉක්මන් වෙන්න එපා. සමූහයා අනුගමනය නොකරන්න රැල්ලට යන්න එපා. ඇත්ත සහ යථාර්ථය ආරක්ෂා කරගන්න.” ඇය වැඩිදුරටත් උපදෙස් දීලා තිබුණේ එහෙමයි.

Latest News

More like this

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...

දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන...

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...