විශ්‍රාම වැටුප අහිමි අසරණ පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කරුණා සහගත දීමනාවක්…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් පසු කරුණා සහගත දීමනාවක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

එම දීමනාව අඟ හිඟ දන්වමින් ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ට පමණක් ගෙවීමට තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පසුගිය දා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබුණා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතය.

අදාළ පනත සම්මත වීමෙන් අනතුරුව දැනට එම ප්‍රතිලාභයට හිමිකම්කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ඔවුන්ගේ කලත්‍රයන් 512 දෙනෙකුට විශ්‍රාම වැටුප අහිමිවෙනවා.

මේ අතර විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙත විදේශයන්හි ලබාදෙන පහසුකම් සහ වරප්‍රසාද ආදිය තීරණය කිරීමට ද රජයේ අවධානය යොමුව තිබෙනවා.

Latest News

More like this

බොන්ඩි බීච් ප්‍රහාරයෙන් ජීවිත ගණනාවක් බේරාගත් ඕස්ට්‍රේලියාවේ වීරයා

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි බීච් හි දී නිරායුධ සිවිල්...

අරගලයට පින් දිදී.. රාජපක්ෂ පවුල රට බංකොලොත් කළ ආකාරය හෙළි කරන චන්ද්‍රිකා

වසර 2009-2014 කාලය තුළ රාජපක්ෂ පවුල ප්‍රධාන පෙළේ ව්‍යාපෘතිවලින්...

උපාධි සහතිකය සම්බන්ධයෙන් රන්වලට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවද? ඔව්.. පුළුවන් – නලින්ද

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගෙ ආචාර්ය...

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...