විශ්ව රූ රැජින තරගය අතරතුර වේදිකාවෙන් ඇද වැටුණු ජැමෙයිකාවේ සුන්දරිය ගැන හද කම්පාකරවන ආරංචියක්..

2025 විශ්ව රූ රැජින තරඟයේ නොවැම්බර් 19 වන දින පැවති “The Evening Gown” වටයේදී වේදිකාවෙන් ඇද වැටුණු ජැමෙයිකාවේ රූ රැජින ගේබ්‍රියල් ගැබී හෙන්රි තවමත් රෝහලෙන් පිටත්ව ගොස් නැති බව වාර්තා වෙනවා.

සිදුවීමෙන් පසු ඇයව රෝහල් ගත කරනු ලැබූ අතර දැඩි සත්කාර ඒකකට ඇතුළත් කෙරුණා.

සිද්ධියෙන් පසු, විශ්ව රූ රැජින සංවිධානය නොවැම්බර් 21 වන දින නිල යාවත්කාලීන කිරීමක් නිකුත් කර තිබුණා.

ඇගේ සහෝදරිය වන ෆිලීෂියා හෙන්රි-සැමුවෙල්ස් පැවසුවේ “ගැබී අපි බලාපොරොත්තු වූ තරම් හොඳින් සුව වන බව පෙනෙන්නට නැහැ. නමුත් රෝහල ඇයට ප්‍රතිකාර කරමින් සිටිනවා” යයි සඳහන් කර තිබෙනවා.

වෛද්‍යවරුන්ට අනුව, ගැබී අවම වශයෙන් දින හතක්වත් දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටීමට සිදුවනු ඇති බවයි සඳහන් වුණේ. වෛද්‍යවරුන් ඇයව සමීපව නිරීක්ෂණය කරමින් සහ විශේෂ ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව වාර්තා වෙනවා.

ලොව පුරා සිටින ජැමෙයිකානුවන්ගෙන් සහ සුභ පතන්නන්ගෙන් සංවිධානය ඉල්ලා සිටියේ ගැබී වෙනුවෙන් යාඥා කරන ලෙසයි.

“මිස් යුනිවර්ස් ජැමෙයිකා” සංවිධානය, “පවුල තවදුරටත් පීඩාවට පත් කරන සෘණාත්මක අදහස්, වැරදි තොරතුරු” බෙදා ගැනීමෙන් වළකින ලෙස ද ඉල්ලා තිබෙනවා.

මේ අනුව 2025 විශ්ව රූ රැජින තරගය පසුගිය 21වැනිදා නිමාවට පත් වුණේ අවාසනාවන්ත සිදුවීම් සහ මතභේදාත්මක සිදුවීම් රැසකින් අපකීර්තියට පත් වූ තරඟයක් ලෙසයි. එය ජයග්‍රහණය කළ මෙක්සිකෝවේ රූ රැජින ෆාතිමා බෝෂ් සම්බන්ධයෙන් ද මේ වන විට විවේචන රැසක් එල්ල වෙමින් පවතී.

Latest News

More like this

BTS ඉන්දියාවට…

ලෝක ප්‍රකට K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළැඹෙන 2026...

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...