ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කළ රටවල් ලැයිස්තුවට එක් වුණු නවතම රට මෙන්න..

ළමයින්ගේ ආරක්ෂාව සඳහා දැඩි ලෙස සැලකිලිමත්වන රටවල් ලැයිස්තුවට එක් වෙමින් මැලේසියාව ලබන වසරේ සිට වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ සහ අනෙකුත් රටවල සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් පැනවීමට භාවිතා කරන යාන්ත්‍රණයන් සමාලෝචනය කිරීමට රජය පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

සයිබර් හිරිහැර කිරීම, මූල්‍ය වංචා සහ ළමා ලිංගික අපයෝජන වැනි මාර්ගගත හානිවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණ වෙනවා.

ලිංගික අපයෝජකයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම ඇතුළුව සයිබර් අපරාධ මැඩපැවැත්වීම සඳහා ගනු ලැබූ කැබිනට් තීරණයක් මත මෙම තහනම පදනම් වී ඇති බවයි වාර්තා වන්නේ.

පාසල් දරුවන් අතර සයිබර් හිරිහැර කිරීම්, ලිංගික හිරිහැර සහ විනය ගැටලු ඉහළ යාම පිළිබඳ කණස්සල්ල ද මෙම තහනමට හේතු වෙන බව එරට බලධාරින් පෙන්වා දී තිබෙනවා.

මේ අනුව අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ගිණුම් විවෘත කිරීමට නොහැකි වන ලෙස ලියාපදිංචි කිරීම් විධිමත් කිරීමට ද මැලේසියානු රජය පියවර ගනිමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...