මාධ්‍යවේදීන් CID ගෙන්වීම නින්දිත ක්‍රියාවක් – විපක්ෂ නායක සජිත්

තමන් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කළ සත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ගෙන්වීම නින්දිත ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව පොලිස් වාර්තා ලබා ගැනීමේ දී සිවිල් ආරක්ෂක කමිටුවේ ලිපියක් ලබා දීමට සිදුව තිබූ බව උදාහරණ කිහිපයක් පෙන්වමින් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.

සජිත් ප්‍රේමදාස මහතා මෙම ප්‍රකාශය සිදු කළේ ස්ථාවර නියෝග යටතේ තමන් අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බවට ප්‍රකාශ කිරීම නිසා සිය වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව පවසමිනි.

ඒ අනුව විපක්ෂ නායකවරයා මාතර පොලිසියේ පොලිස් සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි ලැයිස්තුවේ සිවිල් ආරක්ෂක කමිටුවේ ලිපිය ද ඇතුළත් බවට ප්‍රදර්ශනය කරනු ලැබූ දැන්වීමක් සහ ඔහු පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශයෙන් පසු එම ලිපිය ඉවත් කර අදාළ ලැයිස්තුව ප්‍රදර්ශනය කර තිබූ දැන්වීමක්ද පුද්ගලයින් කිහිප දෙනෙකු පොලිස් සහතික ලබා ගැනීම සඳහා සිවිල් ආරක්ෂක කමිටුවලින් ලබාගත් ලිපි කිහිපයක් ද පාර්ලිමේන්තු සභාගත කිරීමට කටයුතු කළා.

Latest News

More like this

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන්...

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...

බැලුන් නෑ කිවු කතාව අතේ රෝලක්.. ජනපති පොලිස් ඇමතිට පලු යන්න අමතලා..

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ රිය අනතුර හේතුවෙන් ආණ්ඩුව දැඩි...