ඉංග්‍රීසි භාෂාව බැරිනම් රණසිංහ ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න… සජිත් ක්‍රමය කියයි

ඉංග්රීසි භාෂාව හැදෑරීමට අපහසු අයට උසුළු විසිළු කිරීම වෙනුවට එම බරපතල ප්රශ්නය උද්ගත වුණු ආකාරය සමාජයක් වශයෙන් ප්රශ්න කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා.
තමා ද වරක් පාර්ලිමේන්තුවේ එවැනි කාරණයක් ඉස්මතු කළ බවත් එය නුසුදුසු බැවින් ඉල්ලා අස් කරගන්නා බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.
ඔහු මේ බව සඳහන් කළේ අද (25) පාර්ලිමේන්තුවේ අධ්යාපන වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා විවාදය අතරතුරදීය.
ඉන්දියාවෙන් අධ්යාපනය හැදෑරූ අග්රාමාත්යවරියක් ඉන්න රටක් ලෙස ඒ සඳහා ඉන්දියාවෙන් ද පාඩම් උගත හැකි බවත් ඉන්දියාව ” Indian Institute of Technology” වැනි නව උසස් අධ්යාපන ආයතන සෑම ප්රාන්තයකම පිහිටුවමින් ඒ ඔස්සේ දැවැන්ත මධ්යම පන්තියක් නිර්මාණය කරගත් බව ඔහු ප්රකාශ කරනු ලැබුවා.
ඉංග්රීසි වැනි භාෂාවක් ඉගැනගැනීම දුෂ්කර නම් ස්වයං අධ්යයනයෙන් එය දියුණු කරගත හැකි බවත් එයට හොඳම උදාහරණය රණසිංහ ප්රේමදාස මහතා බවයි විපක්ෂනායකවරයා සඳහන් කළේ.
“ඇත්තටම දැන්වත් අපි මේ අඩුපාඩුව අවබෝධ කරගෙන කටයුතු කළ යුතුයි. එදා භාෂාව මුල් කරගෙන ගත්තු තීන්දුවක් නිසා මේ රටේ දහස් ගණනකට ඒ අධ්යාපන වරම අහිමි කරලා තියෙනවා. ඉංග්රීසි භාෂාව සඳහා ප්රමුඛතාවය ලබා දිය යුතුමයි. ඒක ආරම්භ කරන්නම ඕන. ගෝලීය ශ්රම බලකායට ගැළපෙන අධ්යාපන ක්රමයක් හදන්න ඕන. තමන්ට අධ්යාපන සුදුසුකම් නැති වුණත් වැඩිපුර පුස්තකාලයේ ගත කරලා තමන්ගේ භාෂා හැකියාව ප්රගුණ කිරීමට හැකියාව තියෙන්න ඕන. ඒකට හොඳම උදාහරණය රණස්ංහ ප්රේමදාස.. රණසිංහ ප්රේමදාස තමන්ගේ ඉංග්රීසි භාෂාව ප්රගුණ කරගත්තේ මේ පාර්ලිමේන්තු පුස්තකාලේ වැඩි කාලයක් ගත කරලා.
ඒ ලබාගත්ත සෙල්ෆ් එඩියුකේෂන් එක මත තමයි එදා එක්සත් ජාතීන් ආමන්ත්රණය කිරීම්, සම්මුඛ සාකච්ඡා පැවැත්වීම් ක්රියාත්මක වුණේ.”

Latest News

More like this

ඖෂධ ආනයනයට රජය හෝ අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ.. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි..

ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත...

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...

රාජ්‍ය නායකයාට තවම අපේ මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න එන්න බැරි වුණා – කොටපිටියේ රාහුල අනුනාහිමි

රට තුළ කුමන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුවද දේශපාලන නායකත්වය...

දෙදෙනෙක් එළොව ගිය පසු ඔන්ඩන්සෙට්‍රෝන් පිළිබඳ විමර්ශනයක්

නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ...