පරිසර ඇමතිගෙන් නැගෙනහිර ආණ්ඩුකාර තොණ්ඩමාන්ට තර්ජනයක්..

කාත්තන්කුඩියේ දී සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී, කඳුකරයේ සිදු කරන දේශපාලනය නැගෙනහිර කාත්තන්කුඩියේ කරන්න එන්න එපා යැයි පරිසර ඇමති නසීර් අහමඩ් මහතා විසින් නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතාට සඳහන් කර තිබේ.

කාත්තන්කුඩි පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙනත් ස්ථානයකට මාරු කිරීමට ආණ්ඩුකාරවරයා විසින් කටයුතු කිරීමට විරෝධය පළ කරමින් පරිසර ඇමති මේ බව පවසා තිබේ. තවද, නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ ඇතැම් ක්‍රියාකලාපයන් ගැන කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව දැඩි ලෙස විවේචනය කරන බව ද ඔහු සදහන් කර ඇත.

කාත්න්කුඩු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ලබාදී ඇති ස්ථාන මාරුව වහා අවලංගු කිරීමට ද මෙම රැස්වීමේදී තීරණය ගෙන තිබේ.

Latest News

error: Content is protected !!