කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් තවත් රෝගියෙකු මරුට..

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පානදුර රෝහලට ඇතුළත් කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවය කරන කළමනාකාර සහකාරවරයෙක් කැනියුලාවක් මගින් සිදු වූ විෂබීජයක් ආසාදනය වීම හේතුවෙන් මිය යෑමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් ඊයේ (13) වාර්තා වී තිබේ.

මියගිය පුද්ගලයා සති දෙකකට පමණ පෙර ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට උණ රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුළත් කර ඇති අතර එහිදී සවිකළ කැනියුලාව ආසාදනය වී විෂබීජ ශරීරගතවී ඇති බව තවදුරටත් වාර්තා වෙයි.

පසුව පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු හෘද රෝගියෙකු බැවින් වෙනත් රෝහලකට මාරු කර යැවීමට වෛද්‍යවරුන් උත්සාහ කර තිබේ. නමුත් එහිදී ඔහු මියගොස් ඇත.

මරණයට හේතුව කැනියුලාවෙන් සිදුවූ විෂබීජ ආසාදනයක් වන්නට ඇතැයි වෛද්‍යවරුන් විශ්වාස කරයි.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...