තුන්වන ලෝකයේ රටවලට අමෙරිකාව තහනම්…

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “තුන්වන ලෝකයේ රටවල්” වලින් සංක්‍රමණය අත්හිටුවීමට සැලසුම් කර කරමින් සිටින බව වාර්තා වෙනවා.

ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු වොෂින්ටනයේදී ජාතික ආරක්ෂක භටයින් දෙදෙනෙකුට වෙඩි තැබූ බවට චෝදනා එල්ල වීම මෙම තීරණයට ආසන්නතම හේතුවයි.

ඇමරිකානු ජනාධිපතිවරයා Truth Social හි සටහනක් තබමින් රට තාක්ෂණිකව ලබා ඇති ප්‍රගතියෙහි වාසි පවා වත්මන් සංක්‍රමණ ප්‍රතිපත්තියය යටතේ විනාශ විය හැකි බව පවසා තිබෙනවා.

එබැවින් “සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කළ හැකි” පරිදි “සියලුම තුන්වන ලෝකයේ රටවලින්” සංක්‍රමණය නතර කළ යුතු බව ඔහු පෙන්වා දී තිබෙනවා.

බයිඩන් ජනාධිපතිවරයා නීතිවිරෝධී ලෙස සිදු කළ පිළිගැනීම් මිලියන ගණනක් අවලංගු කිරීමට තමන්ට අවශ්‍ය බවද ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

“අපේ රටට ආදරය කිරීමට නොහැකි” යැයි තමා සලකන ඕනෑම අයෙකු ඉවත් කිරීමට අදහස් කරන බවයි එම සටහනෙහි දැක්වෙන්නේ.

මේ අනුව ට්‍රම්ප්ගේ ස්ථාවරය වී ඇත්තේ ආරක්ෂක අවදානමට බලපාන හෝ බටහිර ශිෂ්ඨාචාරායට නොගැළපෙන ඕනෑම විදේශීය ජාතිකයකු පිටුවහල් කළ යුතු බවයි.

ඓතිහාසිකව, පළමු ලෝකය යනුවෙන් හැඳින්වුනේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ පෙලගැසී සිටි ප්‍රජාතන්ත්‍රවාදී, කාර්මික රටවල්ය. දෙවන ලෝකය යනුවෙන් හැඳින්වෙන්නේ කම්කරුවන් සහ ගොවීන් විසින් නායකත්වය දෙන කොමියුනිස්ට්-සමාජවාදී රාජ්‍යයන්ය. තුන්වන ලෝකය යනුවෙන් හැඳින්වෙන්නේ කිසිදු කණ්ඩායමකට අයත් නොවන රටවල් බහුතරයකි.

මේ අතර ට්‍රම්ප් පරිපාලනය ඇෆ්ගනිස්ථානය සහ තවත් රටවල් 18 ක සෑම ස්ථිර පදිංචිකරුවෙකුන් ග්‍රීන් කාඩ් හිමියන් නැවත සමාලෝචනය කිරීමට ද පියවර ගනිමින් සිටිනවා.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...