චැලැන්ජ් එකකට ක්ෂණික ආහාර අධික ලෙස ගත් යෝග්‍යතා පුහුණුකරුවාට අත් වූ ඉරණම

ප්‍රසිද්ධ යෝග්‍යතා පුහුණුකරුවෙකු ක්ෂණික ආහාර අධික අත්හදා බැලීමක් අතරතුර නින්දේදී මිය යාමේ කම්පන සහගත පුවතක් මෑතකදී වාර්තා වූයේ රුසියාවෙනි.

කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වෙන විවිධ විකෘති සහගත අභියෝග ගැන මෙම සිදුවීමත් සමඟ නැවත ජ්‍යාත්‍යන්තර මට්ටමේ සංවාදයක් මතුව තිබෙනවා.

පුවත්පත් වාර්තාවලට අනුව රුසියාවේ ඔරෙන්බර්ග්හි යෝග්‍යතා පුහුණුකරුවෙකු සහ බලපෑම්කරුවෙකු වන 30 හැවිරිදි දිමිත්‍රි නුයන්සින් මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ ඔන්ලයින් අභියෝගයක් ලෙස ක්ෂණික ආහාර විශාල වශයෙන් ලබා ගැනීමත් සමඟයි.

ඔහු නිතිපතා ඔහුගේ අනුගාමිකයින්ට පැවසූ පරිදි, ඔහුගේ ඉලක්කය වූයේ වේගයෙන් බර වැඩි කර ගැනීම සහ පසුව එය නැවත ඉක්මනින් අඩු කර ගත හැකි ආකාරය නිරූපණය කිරීමයි.

ඒ සමඟ ඔහුගේ බර අඩු කර ගැනීමේ වැඩසටහනට මිනිසුන් පොළඹවා ගැනීමට අපේක්ෂා කරන්නට ඇති බවයි වාර්තා වන්නේ.

නුයන්සින් දිනකට කිලෝ කැලරි 10,000 කට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කළ බව වාර්තා වන අතර ඔහුගේ ආහාර, ආහාර තේරීම් සහ බර උච්චාවචනයන් සමාජ මාධ්‍ය ඔස්සේ එකින් එක සටහන් කර තිබුණා.

අවසානයේ ඔහු නින්දේදී හෘදයාබාධායකින් මිය ගිය බවයි වාර්තා වන්නේ.

ඩේලි මේල් පුවත්පතට අනුව, නුයන්සින් හිතාමතාම අවම වශයෙන් කිලෝග්‍රෑම් 25 ක් වැඩි කර ගැනීමට කටයුතු කර තිබෙනවා. ඔහු පැවසූ ආකාරයට නොවැම්බර් 18 වන විට ඔහුගේ බර කිලෝග්‍රෑම් 105 ක් ලෙස සටහන් වී තිබුණා. ඒ අනුව මසකට වැඩි වූ බර කිලෝග්‍රෑම් 13කි. ඔහුගේ බර කිලෝග්‍රෑම් 13 කට වඩා වැඩි වී තිබුණා ඔහු අන්තර්ජාලය හරහා ප්‍රදර්ශනය කළ ඔහුගේ ‘දෛනික ආහාර වේලට’ ඇතුළත් වූයේ

උදේ ආහාරය: පේස්ට්‍රි පිඟානක් සහ කේක් භාගයක්
දිවා ආහාරය: මෙයොනීස් සමඟ ඩම්ප්ලිං ග්‍රෑම් 800 ක් පමණ
සුළු ආහාර: දවස පුරා ක්‍රිස්පි ආහාර
රාත්‍රී ආහාරය: බර්ගර් එකක් සහ කුඩා පීසා දෙකක්

ඔහු මෙම දින චර්යාව විස්තර කළේ ඔහුගේ ඉදිරි බර අඩු කර ගැනීමේ වැඩසටහනට සමගාමීව නිර්මාණය කරන ලද කැලරි 10,000 ක ආහාර වේලක කොටසක් ලෙසයි. මේ සඳහා ඔහු දිරිගැන්වීමක් පවා ප්‍රකාශයට පත් කර තිබෙනවා. අලුත් අවුරුද්ද වන විට ශරීර බරෙන් 10% ක් අඩු කරගත් කිලෝග්‍රෑම් 100 ට වැඩි ඕනෑම අයෙකුට රුබල් 10,000 ක් සෘජුවම ලබා දෙන බව ඔහු පොරොන්දු වී තිබුණා.

නුයන්සින් මරණයට පෙර දින පුහුණු සැසි අවලංගු කළ බවත් තමාට අසනීප බවක් දැනෙන බවත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට සැලසුම් කළ බවත් මිතුරන්ට ඒ බව පැවසූ බවත් සඳහන් වෙනවා.

නුයන්සින් ඔහුගේ කලාපයේ යෝග්‍යතාව පිළිගත් පිළිගත් පුහුණුකරුවෙක් ලෙසයි සැලකෙන්නේ.

Latest News

More like this

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...

දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන...

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...