විපතක් වූ සැණින් එළියට එන අපේ රටේ මිනිස්සු.. තරුණයෝ දහස් ගණනක් පෙරමුණට එයි

හදිසි ආපදා තත්ත්වය මත මේ වන විට රට පුරා ආපදාවට ලක්ව සිටින මිනිසුන් වෙනුවෙන් සහන සැලසීම සඳහා මේ වන විට තරුණ තරුණියන් ඇතුළු බොහෝ පිරිසක් පෙරමුණට පැමිණ තිබෙනවා.

මහ වැසි සහ අධික සුළං තත්ත්වය හමුවේ රටපුරා ආපදාවට ලක්ව සිටින ජනතාවට අවශ්‍ය වියලි අහාර, පානීය ජලය, ඇඳුම් පැළඳුම්, බෙහෙත් ද්‍රව්‍ය ඒකරාශී කරමින් තරුණ තරුණියන් දහස් ගණනක් මේවනවිට මහරගම යොවුන් මධ්‍යස්ථානයේ කඳවුරු බැඳ සිටිනවා.

විපතට පත් වූවන්ට ආහාර-පාන සැපයීමට ප්‍රජා මුළුතැන්ගෙවල්, වියළි ආහාර, පානීය ජලය, ඇඳුම් පැළඳුම් සහ ඖෂධ ආදිය සැපයීමට ඒවා රැස්කිරීමේ ස්ථාන පිහිටුවා ගැනීමට ද ජනතාව කටයුතු කළා.

ඊට අමතරව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ජනතාවට සහන සැලසීමට පියවර ගෙන තිබෙනවා.

යූ ටියුබ් හි 3පෝෂ Family නමින් පවත්වාගෙන යන යූ ටියුබ් නාලිකාව දින කිහිපයකට පෙර මෙම ප්‍රජා සත්කාර මෙහෙයුම ආරම්භ කර තිබුණා. එයට මේවන විට අති විශාල වශයෙන් ආධාර ලැබෙමින් පවතින අතර එන සහනාධාර මනා ලෙස කළමනාකරණය කරමින් රටපුරා බෙදා හැරීමට විශ්වවිද්‍යාල තරුණ ප්‍රජාව ඇතුළු තරුණයින් බොහෝ පිරිසක් ඒකරාශී වී තිබෙනවා.

තමන් කිසිවිටෙකත් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් බැංකු මුදල් ඒකරාශී නොකරන බව 3පෝශ family යුටියුබ් ජාලයේ සුදේශ් ප්‍රියාන් පවසා තිබෙනවා.

Latest News

More like this

සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය කරන්න.. සජිත් ඉල්ලයි

අපාදාවට ලක් වූ ජනතාවට සහන ලබා දීමේ ක්‍රියාවලිය මුළුමනින්ම...

නාය ගිහින් පැළුණු තැන්වලට පස් දමා කොටලා තද කළ විට අවදානම පහ වෙනවා.. සමන්ත විද්‍යාරත්න

ආපදා තත්ත්වය හමුවේ නාය ගිය ස්ථානවල පැලුණු භූ පැලුම්වලට...

ගම්පහම යට වුණ හේතුව කාදිනල් හිමි අනාවරණය කරයි

පසුගිය ගංවතුර කාල සීමාවේදී ගම්පහ නගරය ජලයෙන් යටවීමට හේතුව...

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...